Gossip

උදුවප්පුර පසළොස්වක පොහොය අදයි

උදුවප්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසළොස්වක පෙහො දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.
දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනකයි.
මෙරට මෙහෙණිසස්න ආරම්භවිම ද උදුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අද(22) සිට ආරම්භ වනවා.
පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!