හොලිවුඩ්

ජනපතිනියගේ බිකිණි ඡායාරූප බොරුවක්ලු (ඡායාරූප)

ccc
ක්‍රොඑෂියාවේ ජනපතිනියගේ බිකිණි ඡායාරූප පෙළක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. කෙසේ වෙතත් එම ඡායාරූප ඇයගේ ඒවා නොවන බවට මේ වන විට දැනගන්නට ලැබෙනවා. 47 හැවිරිදි කොලින්ඩා ග්‍රාබර් 2015 වසරේ තේරී පත්වුණේ  ක්‍රොඑෂියාවේ 4 වන ජනාධිපතිනිය ලෙසයි.

ඇය මුහුදු වෙරළක බිකිණියකින් සැරසී සිටින ඡායාරූප පෙලක් යැයි පවසමින් පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය පලකර තිබුන ඡායාරූප වල සැබෑ හිමිකාරිය වන්නේ කොකෝ ඔස්ටින් බවයි දැන් හෙළිවී ඇත්තේ.

37 හැවිරිදි කොකෝ ඔස්ටින් ඇමරිකානු නිළියක් මෙන්ම නිරූපිකාවක්ද වනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමරිකානු රැප් ගායකයෙකු සමගයි. මොවුන් දෙදෙනාගේම පෙනුම බොහෝ දුරට එක හා සමාන බැවින් වරදවා වටහාගත් පැපරාසී කණ්ඩායම් ඒවා ක්‍රොඒෂියා ජනපතිනියගේ බවට සදහන් කරමින් වාර්තා පළකර තිබුණා. මෙම ඡායාරූප පලවීමෙන් පසුව බොහෝ දෙනා කොලින්ඩා ජනපතිනියව හැදින්වූයේ ලොව සරාගිතම ජනපතිනිය ලෙසයි.

2009 වසරේදි කොකෝ ඔස්ටින් ඇයගේ සැමියා සමග මයාමි මුහුදු තීරයේ කාලය ගතකරමින් සිටින අතරතුර ඔවුන්ව දුටු පැපරාසීන් මෙම ඡායාරූප ගෙන තිබෙනවා. මෙම  ඡායාරූප අන්තර්ජාලයේ පලකර තිබුනේ ක්‍රොඒෂියානු ජනපතිනියගේ අලුත්ම පෙම්වතා යන මාතෘකාවෙනුයි.

කොකෝ ඔස්ටින්ගේ 2009 වසරේ ලබා ගත් ඡායාරූප පහතින්.
1 2 3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!