Gossip

ජංගම දුරකථන භාවිතය ප්‍රවේසමෙන් – දුරකථනය එක්වරම පුපුරා යාමෙන් තරුණියක් මෙලොව හැරයයි

ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයෙන්.

අදාළ තරුණිය සිය ජංගම දුරකථනයේ බැටරිය යළි ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඇයගේ පපු ප්‍රදේශයට, පාදයකට, සහ එක් අතකට ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවද එහිදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම ද ප්‍රකාශයක් නිකුත්කර ඇති අතර ඉන්දීය පොලිසිය විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!