Gossip

සුපිරි නළුවෙකුගේ නමට සියලු වත්කම් ලියා කාන්තාවක් ජීවිතයෙන් සමුගනියි

නළු නිළියන්ට අතිශය ඇලුම්කරන රසික රසිකාවියන් පිරිසක් හැමතැනදීම අපට දකින්නට ලැබෙනවා.

කෙසේවෙතත් මියයන්නට මත්තෙන් තම සියලු මුදල් හා බැංකු සේප්පුවේ ඇති ආභරණ සුපිරි නළුවෙක් වෙත පැවරූ අමුතුම රසිකාවියක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස තම දේපල වත්කම් සුපිරි නළුවෙක් වෙත පවරා මියගොස් ඇත්තේ නිශී හරිස්චන්ද්‍ර නම් රසිකාවියක්.

ඇය මෙලෙස තම දේපල පවරා ඇත්තේ ඉන්දීය සුපිරි නළු සංජේ දත් වෙතයි.

කෙසේ වෙතත් සංජේ දත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ තමන් මෙම රසිකාවියගේ හදිසි මරණය පිළිබඳව බලවත් කනගාටුවට පත්වන බවයි. ඒ අනුව අදාළ රසිකාවිය තමන්ට හමුවී නොමැති බවත් සඳහන් කරන ඔහු අදාළ මුදල් සහ ස්වර්ණාභරණ භාර ගැනීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිශී සිය මරණයට පෙර තමන් සතු වත්කම් මෙලෙස සිය ආදරණීය සුපිරි නළු සංජේ දත් වෙත පවරා තිබූ අතර ඒ අනුවයි බැංකුව විසින් ඒ පිළිබඳව සංජේ දත් වෙත දැනුම්දී ඇත්තේ. මුම්බායි හි ජීවත්වූ 62 හැවිරිදි නිශි හරිස්චන්ද්‍ර තම එකම සිහිනය නොදැකම පසුගිය ජනවාරි මාසයේ මියයාමත් සමඟයි බැංකුව ඒ පිළිබඳව සංජේ වෙත දැනුම් දී ඇත්තේ.

ඇය මියගොස් ඇත්තේ අසාධ්‍ය රෝගයකින් දිගු කාලයක් පීඩා විඳීමෙන් අනතුරුව බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. එම දැනුම්දීමත් සමඟ තමන් මවිතයට පත්වූ බවයි සංජේ දත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඇයගේ ගිණුම් සහ ආරක්ෂිත තැන්පතුවල හිමිකරු වශයෙන් නම් කරනු ලැබූ තැනැත්තා ලෙස තමන්ට ඇති අයිතිය අත්හරින බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම වත්කම් ඇයගේ පවුලේ අයට ලබාදීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද සංජේ දත් වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!