Gossip

චන්දිමාල් ඉවතට – දිමුත්ට නායකත්වය – 2019 ලෝක කුසලානයට නම් කරපු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති අතර කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා යන සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව සම්පුර්ණ සංචිතය පහතින් දැක්වෙයි.

දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ළහිරු තිරිමාන්න
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩ්‍රසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන

මීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!