Gossip News

මුස්ලිම් තරුණයෙක් ඉස්ලාම් දේවස්ථානයට ගොස් සිරුරට ගිනි තියාගෙන

පුත්තලම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20 වැනිදා) දහවල් පුත්තලම රත්මල්යාය ප‍්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළට ගොස් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසාගෙන ඇත්තේ නෞෂාඞ් මන්හාඞ් නමැති 26 හැවිරිදි තරුණයෙකි. ගිනි තබා ගැනීමෙන් ඔහුගේ සිරුර හදුනාගත නොහැකි තරමට දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති අතර ඔහු දේවස්ථානය තුළදීම මරණයට පත්ව ඇත.

මෙම තරුණයා මෙසේ දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!