Gossip News

සිව් හැවිරිදි දැරියව දූෂණය කළ 60 හැවිරදි නරුමයා

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් පෙරේදා (19 දා) නියම කරන ලදී.

මෙසේ සිර දඩුවම් නියම වූයේ ඉහළ මිල්ලෑව, මිල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති ජයලත්ගේ සරත් චන්ද්‍රසිරි නමැත්තකුටය.

2009 අගෝස්තු 12 වැනිදා අවුරුදු හතරයි මාස අටක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් කරන ලදැයි සඳහන් කරමින් චෝදනා දෙකක් නගා නීතිපතිවරයා විසින් පාණදුර මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.

එකී සිර දඬුවමට අමතරව අගතියට පත් දැරිය වෙනුවෙන් රුපියල් දස දහසක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙස ද චූදිතට නියම කළ විනිසුරුවරයා එකී මුදල තැන්පත් නොකරන්නේ නම් තවත් මාස තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කරන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!