Gossip

ගාලු මුහුදේ සැඟවෙන්නට ගිය ජීවිත, බේරාගන්නට මුහුදට පැන්න කොක්මාදූවේ අනුරුද්ධ හිමිගේ වික්‍රමය – Photos

ගාල්ල මුහුදු තීරයේ සැඟවෙන්න ගිය ජීවිත හතරක් බේරාගත් හිමිනමක් ගැන අපට වාර්තා වුණා.
ඒ විදිහට ජීවිත බේරගත්තු හිමිනම තමයි ගාල්ල ඉමදූව පරගොඩ රජමහා විහාරස්ථානයේ කොක්මාදූවේ අනුරුද්ධ හිමි.
සිද්ධිය සිදුව තිබුණේ මෙසේයි.
උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් හතර දෙකේ හා තවත් පිරිසක් ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ දියනාමින් සිට තිබෙනවා.
එම අවස්ථාවේදී එක්වරම මුහුද රළුවී ජලය වැඩිවී උපන්දින සාදයට පැමිණි පිරිස අතරින් දියනාමින් සිටි හතරදෙනෙකු දියේ ගසාගෙන ගිහින්.
එය දුටු සාදයට පැමිණි තවත් වයසක කාන්තාවක් කෑ ගැසුවද අතර මුහුදේ ශබ්දය නිසා එය කිසිවෙකුටත් අවදානයක් යොමුනොවූ බවයි පැවසෙන්නේ.
මේ අතර ගාල්ල ඉමදූව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති අජිත හිමියන්ගේ මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑදෑයින් පිරිසක් පවසා තිබෙන්නේ කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියාය.
සිද්ධිය සිදුවන අවස්ථාවේ මේ පිරිසද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ අතර ගාල්ල පරගොඩ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ශිෂ්‍ය යෙකු වන කොක්මාදූවේ අනුරුද්ධ හිමියන්ද වාහනයේ සිට තිබෙනවා.
උදව් ඉල්ලා කෑ ගසන අම්මාගේ හඬ ඇසුනු කොක්මාදූවේ අනුරුද්ධ හිමියන් වහා ක්‍රියාත්මකවී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනා බේරාගෙන ඇති අතර මුහුදු තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයෙකුගේද උදව් උන්වන්සේට හිමිවූ බවයි වාර්තාා වුණේ.
කෙසේ වෙතත් සිද්ධිය ගැන උන්වහන්සේ මෙසේ පවසා තිබුණා.
“මේ වගේ තැනක ආරක්ෂාවට දෙයක් තියෙන්න ඕනේ.. මම සිවුර උනා දමා මුහුදට පැන මේ ජීවිත ඉල්ලා කෑගසපු පිරිස බේරගත්තා.
මට ඒ තරම්ම පීනන්නත් බැහැ. ඒත් මම මේ දේ කළා. අසරණයන්ට උපකාර කරන්න බුදුදහමේද කියලා තියෙනවා. ඒ නිසා මම ඒ දේ කළා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!