Gossip

අවසන් ගමන යන්නට මොහොතකට පෙර පියාට GoodBye කියා සමුදුන් දියණියගේ වීඩියෝව ලොවම හඬවයි – වීඩියෝ

මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුගේ අවසන් මොහොතේ මොන වගේ හැඟීමක් දැනෙනවාක ඇතිද..?
ඒ වගේ හැඟීමක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයෙන්.
මෙම මරණ දඩුවම නියම වූ පුද්ගලයාගේ දියණිය අවසන් මොහොතේ දී සිය පියාට GoodBye ලෙස කියා ඔහුට සමුදීම සියළු දෙනාගේ නෙත් කඳුලෙන් තෙත් කරනවා.
අවුරුදු 30 ක් වන ලී ෂියුවාන් නම් අයෛකුටයි චීන අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබු‍ණේ.
ඔහු චීනයේ හෙයිලාන් ජිංයෑං ප්‍රදේශයේ වාසය කළ වසය අයෙක්.
මොහු 2015 වසරේ දී රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර දිනක් තමා මාර්ගයේ ගමන් කරන විට තම වාහනය ඉස්සර කරමින් ධාවනය වූ තවත් රථයක් සමග රේස් පැදිමේ දී වේගය පාලනය කර ගත නොහැකිව අනතුරට ලක්ව තිබෙනවා.
එහිදී ලී ෂියුවාන්ගේ කාර් රථයේ පෙට්ට්‍රල් ටැංකිය පිපිරී යාමෙන් එම රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඊට අදාළ නඩු විභාගයේ දී වරදකරු වූ ලී ෂියුවාන් එරට අධිකරණය විසින් පසුගියදා මරණීය දඬුවම නියම කරනු ලැබුවා.
එම දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ වීඩියෝවක් අන්තරජාලයට මුදා හැර ඇති අතර එහිදී ලී ෂියුවාන් තම දරුවාට පවසන්නේ මව සමග පරිස්සමින් සිටින ලෙසයි.
එමෙන්ම සිය බිරිඳ සමග ද කතා බහ කිරිමට ඔහුට අවස්ථාව හිමි වූ අතර එහිදී ඔහු සිය බිරිඳගෙන් ඉල්ලා ඇත්තේ තමාගේ මව රැක බලා ගන්නා ලෙසයි.
මෙහිදී ලී ෂියුවාන් සිය මවද හමුවූ අතර තුන්වතාවක් සිය මවගේ දෙපා වැඳ ආශීර්වාදය ලබාගෙන සිය පවුලේ ඥාතීන්ට සමුදීමට කටයුතු කරනවා.

එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!