Gossip

“අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නේ”

පුබුදු චතුරංග කියන නම ඇහුණු ගමන්ම මතකයට එන නමක් තමයි නිමාෂි සිරිවර්ධන.

ඒකට හේතුව තමයි ඇය පුබුදුගේ පෙම්වතිය වීම.

ඇයත් දැන් ජනප්‍රිය තරුවක්.

මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු ලිපියක්..

නිමාෂි, ඉතිං කොහොමද ?
වරදක්‌ නෑ. ටිකක්‌ කාර්ය බහුලයි. ඒත් ගොඩාක්‌ සතුටින් ඉන්නවා.

ඒ තරමට සතුටින් ඉන්න හේතුව කිව්වොත් ?
මගෙ හිතේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්‌ තමයි සිනමාවට සම්බන්ධ වෙන එක. ඒ බලාපොරොත්තුව දැන් හැබෑවෙලා තියෙනවා. ඒ හින්දා තමයි ගොඩක්‌ සතුටින් ඉන්නේ.

ඒ කුළුඳුල් සිනමාපටය ගැන කිව්වොත් ?
දැනටමත් ඒ රූගත කිරීම් කරගෙන යනවා. තිරපිටපත පුබුදු චතුරංග අයියගේ. නිෂ්පාදනය ආලන්කුලම ප්‍රඩක්‌ෂන්. කැමරාකරණය සහ අධ්‍යක්‌ෂණය ඉන්දියානු දක්‌ෂයන් දෙදෙනෙක්‌. ඉතාමත් සොඳුරු අත්දැකීමක්‌.

ලස්‌සන කතාවක්‌. පුබුදු අයිය තමයි ප්‍රධාන චරිතය කරන්නේ. ප්‍රවීණ රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක්‌ එක්‌ක ගොඩාක්‌ ලස්‌සනට කරගෙන යන සිනමාපටයක්‌ කියල කියන්න පුළුවන්. බලමුනේද ඉස්‌සරහට.

එතකොට චිත්‍රපටියෙ නම?
ම් ම් ම් චිත්‍රපටයේ නමනන් මට පුබුදු අයියගෙන් අහන්නෙ නැතුව කියන්න අමාරුයි. මොකද තාම සිනමාපටය ගැන මුකුත්ම එළියට දාලා නැති නිසා. පුබුදු අයියගෙන් තමයි ඒ ගැන නම් අහන්න ඕනේ.

කොහොමද ඒ අත්දැකීම?
ඇත්තටම ගොඩාක්‌ ලොකු අත්දැකීමක්‌. ඒක ලේසි වුණේ නෑ. ලොකු බයික්‌ එකක්‌ එහෙම මට තනියම පදින්න තිබුණා. ඒ දේවල් එක්‌ක ඔවුන්ගේත් සහයෝගය සමඟින් කරගෙන යනවා.

හැදෑරීමක්‌ නැතුව රඟපාන එක අමාරු නැද්ද?
ඇත්තෙන්ම ඔව්. ඒක හරි අමාරු වැඩක්‌. හැදෑරීමක්‌ තියනව නම් වඩා වටිනවා.

පුබුදු ඔබව ඔහුගේ සිනමාපටයට ගන්න හේතුව?
ඒක මම කියන්න දන්නෙ නැහැ. ඔහුගෙන් තමයි අහන්න ඕනේ. මමත් සම්මුඛ පරීක්‌ෂණයකට සහභාගිවෙලා තමයි සිනමාපටයට සම්බන්ධ වුණේ.

දිගටම සිනමාව තුළම ඉන්න ද කල්පනාව?
සිනමාවට ආසයි. එහෙම කියලා කමර්ෂල් නොකර ඉන්නේ නැහැ. මියුසික්‌ වීඩියෝ ලැබෙන විදියට භාර අරගෙන කරනවා. ඇතමෙක්‌ කියනවා මමලු වැඩිපුරම මියුසික්‌ වීඩියෝවලට රඟපාන කෙනා කියලා. ඒ වැඩ බෙදාගෙන කරනවා ඉතිං වෙලාව තියන විදියට.

එතකොට ටෙලිනාට්‍ය ?
ටෙලිනාට්‍ය ගැන නම් මගේ ලොකු පැහැදීමක්‌ නැහැ. ඒ නිසා ටෙලිනාට්‍ය කරන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ.

විවාහයත් ළගයි නේද ?
ඔව්. ලබන අවුරුද්දේ තමයි වෙඩින් එක ගන්න ප්ලෑන් කරල තියෙන්නේ. දැනට අපි ඒ වැඩ කරගෙන යනවා. තරමක්‌ කාර්ය බහුලයි ඒ නිසා.

විවාහයෙන් පස්‌සෙ පුබුදු සීමා දැම්මොත්?
එහෙම වෙන එකක්‌ නැහැ. අපි දෙන්නනට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා ගැටලුවක්‌ වෙන එකක්‌ නැහැ.

අනාගත රැකියාව කලාවම වෙයිද?
නැහැ. එහෙම වෙන එකක්‌ නැහැ. කලාව මම කරන්නෙ ආසාවට. මගේ රැකියාව උපාධිය පැත්තෙන්ම තමයි කරන්න ඉන්නේ. ඒ නිසා රැකියාව කළමනාකරණය පැත්තෙන් තමයි කරන්නෙ.

අනාගත සැලසුම්?
විවාහය අත ළඟ. ඒකට සූදානම් වෙනවා. පාඩුවේ වැඩටික කරගෙන හැමදාමත් සතුටින් ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!