Gossip

ගණිකා නිවාසයක් වටලා 10ක් අත්අඩංගුවට

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කීවා.

ඊයේ (24) රාත්‍රී කාලයෙදී කොල්ලුපිටිය පොලිස් වසමේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකළ බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 32ත් 60ත් අතර වයස්වල පසුවන ගෝනවිල, බණ්ඩාරවෙල, ගොතටුව, ඕපනායක, අතුරුගිරිය, අත්තිඩිය, කහවත්ත, කඩුගන්නාව, මාතර හා කඳාන ප්‍රදේශවල පදිංචිකාරියන් බව වාර්තා වෙනවා.

සැකකාරියන් අද (25) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!