Gossip

මෙම දෙදෙනා ගැන දන්නවාද ?

ශ්‍රී ලංකාවේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

2021 වසරේ දෙසැම්බර් මස බහුදින ධීවර යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 290කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකරන මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්යෙන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබුණි.

නමුත් ඔවුන් මේ වනවිට පදිංචි ප්‍රදේශයෙන් පළාගොස් පොලීසිය මඟහරිමින් සිටින බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහාය අවශ්‍යව තිබෙන බව පොලීසිය පැවසීය.

එම සැකකරුවන්ගේ ඡායාරූප සහ තොරතුරු පහත සඳහන් වේ.

1)
නම – විතානගේ නිරාෂ් චනුක වෛද්‍යසේකර වීරසිංහ
ලිපිනය – ගිනිමැල්ල ගහ බටහිර, ගෝනපිනුවල
වයස අවුරුදු – 32යි

2)
නම – ගල්මන්ගොඩ ගුරුගේ දිලිප් සමීර සඳරුවන්
වෙනත් නම් – ලොකූ
වයස අවුරුදු – 32

මෙම සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක –

සහකාර පොලිස් අධිකාරි (පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය) 071 – 859 2727

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011 – 234 3333 -4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!