Gossip

නයි නටවන්නා සහ නයා එකම ගිලන් රියෙන් රෝහලට

 

දෂ්ට කරපු නයා සමග රඹුක්කන රෝහලෙන් කෑගල්ල මහ රෝහලට මාරුකර යවන ලද නයි නටවන්නෙකු නිසා කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අසීරුතාවට පත්වූ පුවතක් අපට වාර්තා වුණා.

වනජීවි නිලධාරීන්ගේ සහායෙන් නයාට ආරක්ෂාවත් ලෙඩාට ප්‍රතිකාරත් ලබාදීමට පියවර ගත් බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පැවසුවා.

රඹුක්කන ප්‍රදේශයේ නයි නටවන පුද්ගලයෙකු ඊයේ (26) නගයෙක් දෂ්ට කිරීම නිසා රඹුක්කන දිසා රෝහලට ඇතුළත් කර තිබුණා.

රඹුක්කන රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අදාළ රෝගියා කෑගල්ල මහ රෝහල වෙත මාරුකර එවනු ලැබුවා.

කෑගල්ල මහ රෝහල වෙත ගිලන් රථයෙන් රෝගියා රැගෙන පැමිණි අතර ඔහු සමග නයි පෙට්ටියද එවා තිබුණා.

රෝගියාට ප්‍රතිකාර කළ හැකි වුවත් නයෙකු සමග පෙට්ටිය රෝහලේ වාට්ටුවේ තබා ගැනීමට නොහැකි යැයි රෝහල් අධ්‍යක්ෂවරිය දැනුවත් කළා.

තමා ජීවත් වන්නේ නගයාගෙන් බැවින් නයාව කැලේට මුදාහැරීමට බැරියැයි නයි නටවන්නා හඬමින් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය මෙම ගැටලුවට වනජීවි නිලධාරීන්ගේ සහාය පැතුවා.

වනජීවි නිලධාරීන් දෙදෙනකු කෑගල්ල මහ රෝහලට පැමිණ නයාව කූඩයෙන් එළියට ගෙන ආහාර දී ආරක්ෂිත කූඩයක තැබීමට පියවර ගත්තා.

රෝගියා ප්‍රතිකාර කිරීම තම කාර්ය මණ්ඩලයේ වගකීම බවත් එය ඉටුකරන අතරම රෝගියාගේ ජිවනෝපාය නිසා නාගයත් රෝගියාත් දෙදෙනාම ආරක්ෂා කිරීමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී කීවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!