Gossip

ගංවතුරට හසුවූ පවුලක් බේරාගැනීමට තම ජීවිතය පරදුවට තැබූ පොලිස් සැරයන් ඩිලාන් ගමම හඬවමින් යළි මාදම්පෙට පැමිණෙයි – Photos

ගංවතුරට හසුවූ පවුලක් බේරාගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය ඊයේ මාදම්පේ පොලිසිය වෙත ගෙනවිත් තිබුණා.
මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේ ජලයෙන් යටවී සිටි පවුලක් ගලවා ගැනීමට ගොස් සැඩ පහරට හසුවී ඩිලාන් ගසාගෙන ගොස් තිබුණේ පසුගිය 25 වැනිදායි.
පසුව ඩිලාන් සොයා නාවික යුද, පොලිස් සහ ගම්වාසීන් සොයා මෙහෙයුමක් දියත් කළ අතර සිද්ධිය වූ ස්ථානයට මීටර් 200 ක් පමණ දුරින් තිබී පොලිස් සැරයන්වරයාගේ සිරුර සොයාගත්තා.
ඩිලාන්ගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර මාදම්පේ පොලීසිය වෙත ගෙන එනු ලැබුවා.
මෙම ස්ථානයේදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් ද සිදු කළ අතර පොලිසියට දේහය රැගෙන ආ අවස්ථාවේදී විශාල පිරිසක් ඩිලාන්ගේ දේහය දැකබලා ගැනීමට පැමිණ තිබුණා.
පසුව රිය පෙරහැරකින් දේහය ගිරිඋල්ල – මල්ගමුව ප්‍රදේශය බලා රැගෙන ආවා.
ගම්වාසීන් ඩිලාන්ගේ දේහයට මගදෙපස සිට ගෞරව දක්වනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු 28 වැනිදා සවස ගිරිඋල්ල – මල්ගමුවේදී සිදු කිරීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!