Gossip

ජනප්‍රිය රංගන ශිල්පිණී දිපානී සිල්වා පොලිස් අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද(28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!