Gossip

කෝලි සහ අනුෂ්කා හොර රහසේම යුග දිවියට?

විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහ කළා.

ඉන්දියාවේ ජනප්‍රිය තරු යුගළක් වන මොවුන් දෙදෙනා මේ වන විට ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වගේම ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන විදියට ඔවුන් දෙදෙනාගේ විවාහය ඔවුන් දෙදෙනා මෙම සති අන්තයේ ඉතාලියේදී විවාහ වීමට නියමිතයි

මේ මාසයේදී සිදුවන බව පසුගිය කාලය පුරාම විවිධ වාර්තා ඔස්සේ තොරතුරු අණාවරණය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක් දින තරඟාවලියේදී තමාට විවේකයක් අවශ්‍ය බව කියමින් නිවාඩු ලබාගැනීමද කෝලිගේ විවාහය පිළිබඳ බොහෝ දෙනා තුළ වූ සැකය වඩාත් තහවුරු වී තිබෙනවා.

ඉකුත්දා රාත්‍රි 11.30ට පමණ කෝලි, දිල්ලි ගුවන්තොටුපළට පැමිණ ඇති බවත්,කිසිවෙකුට හඳුනාගැනීමට අපහසු වන අයුරින් මුහුණ ආවරණ වන සේ ඇඳුම් හැඳ සිටි බවත් ඉන්දියා ටුඩේ වෙබ් අඩිවිය වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් විරාත් කෝලි මෙන්ම අනුෂ්කා ෂර්මාද විවාහය පිළිබඳ වූ මාධ්‍ය වාර්තාවන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ අතර , ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකොට නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!