Gossip

විවිධ මානසික මට්ටම් තියෙන අය ඕනෑම තැනක ඉන්නවානේ – මම හුදෙකලා වුණා – දුෂේනි මියුරංගි

දුෂේනි මියුරංගි පසුගියදා ලෝක රූ රැජිණ තරගයට සම්බන්ධ වුණා. නමුත් අවසන් 40 අතරට එන්න ඇයට හැකියාවක් ලැබුණේ නැහැ.  ඉතින් ඇය ලෝක රූ රැජින තරගය ගැන කියලා තියෙන්නේ මේ වගේ කතාවක්.

2017 ලෝක රූ රැජින තරඟයට සහභාගි වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?
මගේ ජීවිතයේ ලැබූ ලොකුම අත්දැකීමක් තමයි මේ. මම මේ වගේ ජාත්‍යන්තර තරඟයකට මුහුණ දුන්නේ පළමු අවස්ථාවටයි. නෑදෑ හිතවතුන්ගෙන් වගේම රටෙනුත් ඈත්වෙලා සති පහකට වැඩි කාලයක් මම තරඟය වෙනුවෙන් චීනයේ ගත කළා. එතැනදී නම් පුංචි පාළුවක් හිතට දැනුණා. ඒත් ටික දවසක් යනකොට අනෙක් තරගකාරියෝ එක්ක මිත්‍රශීලිව ඉන්න කොට ඒ පාළුව තනිකම මැකිලා ගියා.

අවසන් තරගකාරියන් අතරට එක්වන්නට අවස්ථාව නොලැබිම ගැන දුකක් නැද්ද?
නැහැ. මොකද ඒ වන විට මම කිරුළ පිළිබඳ ආශාව අතහැර දාලයි හිටියේ.

ඒකට හේතුව සෙසු තරගකාරියන් ඔබට වඩා ඉහළින් සිටීමද?
නැහැ. ඒ වනවිට මගේ හිතේ “තරගාවලිය” ගැන ඇතිව තිබූ අදහස්

ඒ මොනවාද?
ඇතැම් රටවල් බොහොමයක ජනතාව තමන්ගේ රට නියෝජනය කළ තරගකාරිය වටා හිටියා. එවැනි අයට තරගය තුළ ලොකු විශේෂත්වයක් තිබුණා. ඒ වගේම දියුණු රටවල අයටත් විශේෂත්වයක් තිබුණා. මම ඉදිරිපත් වුණේ ලංකාව නියෝජනය කරමින්. ලංකාව පිළිබඳ ඒ අය තුළ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ වගේම මගේ රටෙන් මට අනුග්‍රාහකත්වය දක්වන්න කෙනෙක් හිටියෙත් නැහැ. මම තරග බිම තුළ හුදකලා වූ චරිතයක් විදිහට හිටියේ. ඒ හින්දා මට කලින්ම දැනුණා අවසන් 40ට මම ඇතුළත් නොවන බව.

ඒත් දුෂේනි තරගයට පිටව ගියේ පිබිදුණු සිතකින් ?
ඔව්, මට බලා‍පොරොත්තු ගොඩක් තිබුණා. ඒත් එහෙට ගිහින් දවස් ගෙවිලා යද්දී තමයි මම දැකපු හීන බොඳ වෙන බව තේරුණේ

තරගයේ සෙසු තරගකාරියන් ඔබට දැක්වූ ප්‍රතිචාර මොන වගේද?
රටවල් 130ක අය ඇවිත් හිටියා. ඒ අය අතරින් “අප්ලර් ස්ටේල් (මිස් ටර්නි), ෆ(ර්) අර්න් (මිස් කොරියා) හා කොරිනා ජෝෂුවා (මිස් රුසියා) තුන්දෙනා තමයි මගේ හොඳම මිතුරියන් වුණේ. ඔවුන් සමග ගෙවී ගිය දවස් නම් හරිම සුන්දරයි.

අනෙකුත් තරගකාරියන් ගැන කතා කළොත් ?
විවිධ මානසික මට්ටම් තියෙන අය ඕනෑම තැනක ඉන්නවානේ. ඇතැම් රටවල අය තමන් පිළිබඳ ලොකු අභිමානයකින් හිටියා. ඒ අයට ලංකාව පිළිබඳ තිබුණේ පහත් ආකල්පයක්. එවැනි අයගෙන් යම් යම් සිත් රිදෙන ප්‍රතිචාරත් ලැබුණා. හැබැයි මම ඒ හැම දෙයක්ම සම සිතින් දරාගෙන හිනා වෙලා හැමෝටම සුහදශීලී ප්‍රතිචාර දැක්වූවා.

ඉදිරියටත් මෙබඳු තරග සඳහා යාමට අදහස් කරගෙන සිටිනවාද?
නැහැ. ‘මිස් ශ්‍රී ලංකා’ විදිහට මම කිරුළ දිනුවා. ලෝක රූ රැජින තරගයට සහභාගි වුණා. මීට වඩා දැවැන්ත තරග නැහැනේ. ඉතින් වෙන තරගයකට ආයෙ සහභාගි වෙන්න බැහැ.

මෙම තරගයත් එක්ක දුෂේනිගේ රංගන ජීවිතයත් තාවකාලිකව නතර වුණා ?
ඔව්. මම ඒ කැප කිරීම කරලා තමයි මේ තරගයට ගියේ. “ශ්‍රී ලංකා රූ රැජින” විදියට කිරුළ ලැබුවට පස්සේ ටෙලි නාට්‍ය හා සිනමාවට ලැබෙන ආරාධනා වැඩි වුණා. ඉදිරියේදී ඒවායින් හොඳ නිර්මාණවලට එකතු වනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!