Gossip

කෝටි 50කට මන්ත්‍රීධූරය විකුණුවාද? – එජාපයෙන් ගිය වසන්ත සේනානායක කරපු හෙළිදරව්ව

රුපියල් මිලියන පන්සීයකට හෙවත් කෝටි පනහකට තම මන්ත්‍රි පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වනවිට විදෙස් සංචාරයකට එක්ව සිටින අතර, තමා පිළිබඳ මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින අසත්‍ය පුවත් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමා සැමදා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ආදරණීය නායකයා බවත් තමන් බලයට පත් කළ ජනතාවට කිසිදු ආසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් කියා තිබෙනවා.

රටේ ඇති වූ, රටට අවශ්‍ය වෙනස පිළිගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනය මත තමා ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කළ අතර කිසිදු අවස්ථාවක මුදලට තමා මන්ත්‍රි ධුරය පාවා නොදුන් බවද අමාත්‍යවරයා කියා සිටියා.

තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ රජයේ සිටි නමුත් තමන් අපේක්ෂා කරන සේවය රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකිරීමට එම නායකයන් අපොහොසත් වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තමන් අපේක්ෂා කරන වැඩපිළිවෙළ ඉදිරියේදී තම ආදරණීය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!