Gossip

මෙතෙක් කල් සැඟවී සිටි ප්‍රමුදි මව් පදවියට සූදානමින් නිත්‍යවානිගේ විවාහයට එයි – ඡායාරූප මෙන්න

ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.

එම චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මේ වෙද්දී මොවුන් දෙදෙනාම විවාහකයි

සරෝජාගේ චරිතය නිරූපණය කළ නිත්‍යවානි පසුගියදා සිය යුගදිවියට එළඹ තිබුණා.

සිය මංගල දිනය වෙනුවෙන් ඇය හා එකට රංගනයන් ඉදිරිපත් කළ එවකට වූ හිතමිතුරන්ට ආරාධනා කරන්නත් ඇය අමතක කර තිබුනේ නැහැ.

ඒ අතර කාලයක් පුංචි තිරයේ දකින්නට නොලැබුණු ප්‍රමුදි ගැන මෙම විවාහ මංගල උත්සවය සමගින් නැවතත් කතාබහ කරන්නට පටන් ගත්තා. ඒ ඇය මේ වනවිට මව් පදවිය අපේක්ෂාවෙන් ඉන්න නිසා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!