Gossip

කෝටි 240ක ජීවිත රක්ෂණය ලබාගන්න සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ඝාතනය කළ හැටි

නාන තටාකයේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන තිබෙනවා.. මෙම ජීවිත රක්‍ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදල ලබාගත හැක්‌කේ ශ්‍රීදේවි ඩුබායිහිදී මියගියොත් පමණකි.
සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා පවසන්නේ ශ්‍රීදේවි ඝාතනයට ලක්‌වී ඇති බවයි.
සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කර ඇත්තේ ශ්‍රීදේවියගේ රක්‍ෂණ ඔප්පුව ගැන ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වූ බවයි.
ඇයගේ රක්‍ෂණ මුදල ලබා ගැනීමට ඇයව ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සැළසුම් කළ අපරාධයක්‌ යෑයි එම නීතිවේදියා කීවේය.
ශ්‍රීදේවි ඝාතනය වී ඇති බව හිටපු සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් ද ප්‍රකාශ කර ඇත.
නවදිල්ලි පොලිසිය සුනන්දා පුස්‌කාර් මාධ්‍යවේදිනිය ඝාතනය ගැන තවදුරටත් සොයනවා. එහෙත් ඩුබායි පොලිසිය දින හතරකින් ශ්‍රීදේවියගේ මරණ්‍ය ගැන පරීක්‍ෂණ අවසන් කර පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබා දුන්නා යෑයි සහකාර පොලිස්‌ අධිකාරී භූෂාන් කියා සිටියේය.
එසේම ඇයගේ නමින් රක්‍ෂණ ඔප්පුව ලබා ගෙන තිබුණේ ඕමාන් රාජ්‍යයෙන්, මේ ඔප්පුවේ සඳහන් කර තිබුණේ ඇය ඩුබායිහිදී මියගියහොත් පමණක්‌ රුපියල් කෝටි 240 ලබා ගැනීමයි යෑයි හෙතෙම හෙළි කළේය.
ශ්‍රීදේවියගේ සැමියා වූ බෝනි කපූර් ණය ලබාගෙන ඇති බවත් ඔහු මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි බවද මාධ්‍යයට හෙළි වී ඇත.
එසේම ඇගේ මරණයට ඩුබායිහි සිටින පාතාල කල්ලි නායක ඉබ්‍රාහිම් ඩාවුඩ් සම්බන්ධ බවට ද හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයා චෝදනා කළේය.
ඩුබායි හෝටලයේ ශ්‍රීදේවියගේ කාමරයට යන ස්‌ථානයේ සීසීටීවී දර්ශන පවා මරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කර නැති බවද ඔහු කීවේය.
මම එම හෝටලයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබුණේ නැහැ යෑයි වෙඩ් භූෂාන් සඳහන් කළේය.
අඩි 5 අඟල් 2 ක්‌ උසැති ශ්‍රීදේවි නාන තටාකයේ වැටී මියගිය බවට කර ඇති ප්‍රකාශය තමා ප්‍රතික්‍ෂේප කරන බව ද ඔහු තවදුරටත් පළ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!