ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මියයන විට ඔහු 55 වන වියේ පසුවුණා.
මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි මාධ්‍යවේදී හේමනලින් මහතා මියගොස් තිබුණේ.