Gossip

“Phone එකට Pin එකක් ආවා කියලා “වැඩිහිටියන්ට පමණයි” ෆිල්ම් හදන නිෂ්පාදකවරයෙක් දුරකථනය අරගෙන” ආයෝජන දූතිකාව නැවතත් කරළියට – Photos

ගිහානි වීරසිංහ කියන නම ඔබටත් හොඳට පුරුදු ඇති.
ඒ පසුගිය දවස්වල ආයෝජන දූතිකාව නමින් මුහුණුපොත පුරාම පුවත් මැවූ චරිතය.
ඇය නැවතත් කරළියට ඇවිත්.
ඒ ඇගේ දුරකථන අංකය සහ ඡායාරූප භාවිතා කරමින් කිසියම් අයෙකු ව්‍යාජ imo ගිණුමක් නිර්මාණය කිරීමේ සිද්ධියක් නිසා.
මේ ගැන ඇය සිය මුහුණුපොතේද සටහනක්ද දමා තිබුණා.
ගිහානි වීරසිංහගේ දුරකථන අංකයට ලද imo පින් අංකය සූක්ෂමව ලබාගත් අයෙකු , ඇයගේ ඡායාරූප හා දුරකථන අංකය යොදා ගනිමින් ගිහානිගේ දුරකථන අංකයේ ඇමතුම් ලැයිස්තුවේ සිටි දහසකට අධික පිරිසක් සමග ‘චැට්‘ කර ඇති බවයි වාර්තා වන්නේ.
‘‘වැඩිහිටියන්ට පමණයි‘‘ ගණයේ චිත්‍රපට නිෂ්පාදනයට මෙරට නම ගිය ප්‍රසිද්ධ නිෂ්පාදකවරයෙකු, කිසියම් පින් අංකයක් ඇගේ ජංගම දුරකථනයට පැමිණි බව පවසා පසුගියදා පැවැත්වුණු සාදයකදී ඇයගේ ජංගම දුරකථනය ලබාගත් බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!