Gossip News

කොළඹ විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමට ඇප් එකක්

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටියේය.

එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම යෙදවුම වෙනත් රටවල් සඳහා ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදීමට කටයුතු කරන බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!