Gossip

කොළඹ මහපාරේ උපත්පාලන කොපු මැෂින් – එවෙලේම සල්ලි නොදී ගන්නත් පුළුවන්

මහමගදී උපත්පාලන කොපු ලබාගත හැකිවන අයුරින් Condom vending machine සවි කිරීම ආරම්භ කර ඇති බවට සාධක අන්තර්ජාලයෙන් අපට දැකගන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙහි පළමු වැන්න කොළඹ බුලර්ස් පටුමගේ පිහිටා ඇති බවත් වාර්තා පළවනවා. එමෙන්ම මෙවැනි යන්ත්‍ර තවත් ස්ථාන රැසක සවි කිරීමටද නියමිත බවටයි වාර්තා වන්නේ.

තමන්ගේ දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් අනතරුව එම අංකයට ලැබෙන PIN අංකය යන්ත්‍රයට ඇතුලත් කිරීමෙන් පසුව උපත්පාලන කොපු ලබාගැනීමට හැකි වනවා.

එක් පැකට්ටුවක් සඳහා දුරකථන බිලට රුපියල් 50ක් එක්වන බවත් මාසික දුරකථන බිල්පතේ එය කාරණයක් සඳහන් කිරීමකින් තොරව දක්වන බවටයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දැනට මෙය හිමිවන්නේ එක් ජංගම දුරකථන ජාලයක් සඳහා පමණයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!