Gossip

කොළඹ පිපිරීම්වලින් 40 ක් මරුට.. 280 කට තුවාල.. පොලිසියේ නිවාඩු අවලංගු කෙරේ.. කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාවත් තර කරයි – අලුත්ම තත්ත්වය මෙන්න

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව අද (21)උදෑසන 10.00 සිට තර කිරීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර තිබෙනවා.

අද උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟම මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසෙවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පවසා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

එමෙන්ම ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ආරක්ෂාව සඳහා ද වැඩිපුර ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස්, ගුවන්, යුධ හමුදා නිලධාරීන් ද යොදවා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම පොලිස් සේවයේ නියුතු සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන් ඇති වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කොළඹ අවට සිදු වු පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයන් 40කු පමණ මිය ගොස් 280ක් පමන තුවාල ලබා ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

එම පිරිස අතර විදේශිකයන්ද සිටින බව වාර්තා වේ.

.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!