Gossip

කොස්වත්තේ හංදියේ පිස්තෝලයකුත් අරගෙන යකා නටපු මන්ත්‍රී බිරිඳ මෙන්න

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

ඔවුන් ඊයේ දිනයේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

බස් රථ රියදුරාට මන්ත්‍රීවරයා පහරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ ද පිස්තෝලයක් අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණා.

කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙලෙස පහර දී තිබෙනවා.

මේ එම මන්ත්‍රීවරයාගේ හා බිරිඳගේ ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!