Gossip

ඉන්දියාවට රිදෙන්න ගහපු සිංහයන් බංග්ලාදේශය ළඟ අසරණ වෙයි – තියුණු සටනකින් බංගලියන් ජයගත්තු හැටි මෙන්න

විස්සයි විස්ස නිදහස් කුසලාන තරගාවලිියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගය කඩුලු පහකින් ජයගැනීමට බංග්ලාදේශය සමත්වුණා.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වුණේ බංග්ලාදේශයයි.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 214 ක් රැස්කළා.
එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 19 පන්දු 4 කදී කඩුලු පහක් දැවී ලකුණු 215 ක් ලබාගනිමින් ජය තහවුරු කරගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් රැස් කළේ පන්දු 50 කින්.
කුසල් විස්සයි විස්ස තරගවලදී ලබාගත් තුන්වන අර්ධ ශතකය මෙයයි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 74 ක් රැස් කළේ පන්දු 48 කින්.
ඒ ඔහුගේ 9 වැනි අර්ධ ශතකයයි.
උපුල් තරග ලකුණු 15 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් රැස්කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!