Gossip News

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව හත්දහස ඉක්මවයි

කොරෝනා (Covid-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7173 දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24ක (17 වැනිදා) කාලය තුළ කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව 349කි.

ඉතාලිය තුළ මේ වන විට මියගිය මුළු පුද්ලයින්ගේ සංඛ්‍යාව 2158ක් බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඉතාලියට පසුව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුළ වැඩි වශයෙන් පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරානයෙන් වේ.

එම සංඛ්‍යාව 129කි.

චීනය තුළ ඊයේ දිනයේදී පුද්ගලයින් 13දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව චීනය තුළ වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 3226ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!