Gossip

කොරෝනා නිසා රැකියාව අහිමි වු පුද්ගලයෙකුට රු : මිලියන 7.6ක ලොතරැයි දිනුමක්

කොරෝනා වසංගතය නිසා රැකියාව අහිමි වූ ඉන්දියානුවකුට ඉන්දීය රුපියල් මිලියන 7.6 ක තීරුබදු රහිත ලොතරැයි දිනුමක් හිමිවී ඇත.

ඩුබායි හිදී මේ ලොතරැයි දිනුම හිමි වී ඇත්තේ කේරළයේ පදිංචිකරුවකු වූ නවනින් සජානන් නමැත්තකුටය.

රැකියාව අහිමි වීම නිසා අබුඩාබි නුවරින් පිටවීමට සති කීපයක් තිබියදී ඔහු මෙම ලොතරැයිය ඔන්ලයින් ජාලය අනුව මිලට ගෙන ඇත.

තමා ඩිර්හාම් 100,000 ක පමණ ණය ගෙන ඇති අතර මෙම ලොතරැයි දිනුමෙන් එම මුදල් ගෙවා දමන බව ඔහු ප‍්‍රකාශ කර තිබේ.

ඩුබායි තීරු බදු ලොතරැයිය හිමි කරගත් 171 වැනි ඉන්දියානුවා මොහුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!