Gossip

කිසිදු ක්‍රීඩකයෙක් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ වුණේ නැහැ – ICC චෝදනාවට දිනේෂ් චන්දිමාල් පිළිතුරු දෙයි

පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සියල්ල දිනේෂ් චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම චෝදනාව පිළිබඳව විධිමත් කරුණු විමසීමක් සිදුකරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
මෙය ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තරගයෙන් පසුව සිදුකරන බවයි වාර්තා වන්නේ.
අදාල පරීක්ෂණයට පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට අදාල දර්ශන භාවිත කරන බවත් ඒ සඳහා තරගයේ තීරකවරයා සහ ශ්‍රී ලංකාා බලධාරීන් අදාල කරුණු විමසීම සඳහා සහභාගී වියයුතු බවත් සඳහන්.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවූ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේදී පැවසුවේ කිසිදු ක්‍රීඩකයෙකු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවුනු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!