Gossip

ඔබත් රට යන්න ඉන්න කෙනෙක්ද..? – හෙට ඉඳන් රට යන හැමෝම පැය 4කට කලින් ගුවන් තොටුපලට යන්න

හෙට (18) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටියි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන්සේවය මෙම නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඇමතීනේ ලබා ගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන්සේවය වැඩිදුරටත් දන්වා ඇත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!