Gossip

කවුද මේ අසේල ගුණරත්න? ඔබ නොදත් තොරතුරු රැසක් මෙන්න

අසේල ගුණරත්න. මේ නම තමයි දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ. සමාජජාල මාධ්‍යවල පවා මොහු ගැන විවිධ විස්තර සහ මොහුගේ දක්ෂතාව ගැන කතා කරලා තිබුනා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවති තරඟයත් ජයගත් පසු අසේල ගුණරත්න ගැන මුළු රටේම අවධානය යොමු වුණා. පැවති තරඟ දෙකේම ජයග්‍රහණයට හිමිකම් කී ඔහු ගැන හැමෝම අහන ප්‍රශ්නය තමයි අවුරුදු 31 ක් වන මොහු මෙපමණ කලක් කොහෙද හිටියේ කියලා.

ඉතින් මේ කවුරුත් කතාකරන අසේල ගුණරත්න ගැන අපි පොඩි සඳහනක් කරන්න හිතුවා.

දොවුන්ගෙදර අසේල සම්පත් ගුණරත්න වන මොහු උපත ලබා ඇත්තේ 1986 ජනවාරි මස 08 වැනිදායි.

මහනුවර ගම් පළාත කරගත් ඔහු සිය අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයේයි.

පාසල් අධ්‍යාපනය නිම වීමත් සමග ඔහු ශ්‍රී ලංකා යුධ හමුදා සේවයට බැඳිලා. ඒ අනුව අසේල 06 වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුවේ සේවය කර තිබ්බේ කාලතුවක්කු නිළධාරියෙක් විදියට.

අසේල පාසල් කාලයේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දක්වලා. ඉතින් යුධ හමුදාවේ සේවය අතරතුර ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. පස්සෙකාලෙකදී ඔහු යුධ හමුදා පිළේ නායකයා වෙලා.

අනතුරුව ඔහු Mohammedan ක්‍රීඩා සමාජයට බැඳිලා සිය දක්ෂතා වැඩිදියුණු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා යුධ හමුදා පිළට බොහෝ ජයග්‍රහණ හිමිකර දීමටත් අසේලට හැකිවෙලා තියෙනවා.

කොහොම වුනත් ඔහුගේ වයස 30 වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ලබාගන්න හැකිවෙලා නැහැ.

ඔහු මීට වසරකට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස තරඟයකට මුල්වරට තෝරා ගත් අවස්ථාවේ ඔහුට ලබා ගැනීමට හැකිවෙලා තියෙන්නේ ලකුණු 04ක් පමණයි. ඕවර 02 යි පන්දු 05 ක් යවලත් කිසිම කඩුල්ලක් ලබාගන්නට ඔහුට නොහැකි වෙලා තියෙනවා.

අසේලව නැවත ටෙස්ට් තරඟ සඳහා තෝරා ගන්නේ 2016 ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදියි.

අසේල ගුණරත්න සිම්බාබ්වේ ටෙස්ට් හා එක්දින තරඟාවලියේත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේත් ඉදිරියෙන්ම සිටි පිතිකරුවෙක්.

කොහොමවුනත් විචාරකයන් කියලා තියෙන්නේ අසේලට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් අවස්ථාව ලබාදෙන්න කණ්ඩායම තෝරන නිළධාරීන්ට නුවණ පහළ වුනානම් ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලද මීට වඩා වෙනස්වෙන්න තිබ්බා කියලයි.

dfgsggs sdfafqaf

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!