Gossip

කවද අහපු කතාද මේ.. ? 79 හැවිරිදි විශ්‍රාමික කැළණියේ ටියුඩර් උසස් පෙළට ලියයි

අධ්‍යායන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට වයස අවුරුදු 79 ක අයෙකු පෙනී සිට ඇත.
ඔහු අංක 89/1 ලුවිස් මාවත, කැලණිය ලිපිනයේ පදිංචිව සිටින මුණසිංහගේ ටියුඩර් මහතාය. කලා විෂය ධාරාවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔහු මහර ජනාධිපති විදුහ‍ලේ ශාලා අංක 03 හි විභාගයට පෙනී සිටිමින් සිටී. ඔහු 1939 යේ දෙසැම්බර් 05 වන දින ඉපදී ඇත.
ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 79 කි. මුණසිංහගේ ටියුඩර් මහතා මෙවර උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය කර නීති විද්‍යාලයට ඇතුල් වන විභාගයට පෙනී සිට නීති විද්‍යාලයට ඇතුල් වී නීතිඥයකු වීම ඔහුගේ අරමුණ බවයි ඔහු පවසන්නේ.
මුණසිංහගේ ටියුඩර් මහතා 1964 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත. එම අවස්ථාවේදී සිංහල සාහිත්‍ය, බුද්ධාගම, අංක ගණිතය යන විෂයන්ට “සී” සම්මාන සාමාර්ථද සිංහල භාෂාව, සෞඛ්‍යය, ප්‍රජාචාරය, ඉතිහාසය, ඉංග්‍රීසි භාෂාව යන විෂයන් සඳහා සාමාන්‍ය “එස්” සාමාර්ථද ලබා ගෙන ඇත. එම ප්‍රතිඵල වලින් සංචාරක මණ්ඩලයේ ලිපිකරුවකු ලෙස සේවයට ගොස් ඇත. වසර 32 ක් සේවය කර විශ්‍රාම ගෙන ඇත.
නිතර ‍පොත් කියවන නිසා හොඳ මතක ශක්තියක් ඇති බවද සඳහන් කරන ලදී. මීට වසර හතකට පෙර බිරිඳ මිය ගොස් ඇත. දරුවන් 4 දෙනෙකුගේ පියෙකි.
පළමු දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා ගිණුම්කරණ පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරයි, දෙවන දුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු නිලධාරිනියෙකි. තුන්වන පුතා කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. හතර වෙනි දුව ඩුබායි රටේ හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස කටයුතු කරන බවද ටියුඩර් මහතා පැවැසීය.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බදු නිලධාරී දුව මේ වන විට නීතිය හදාරණ නිසා ටියුඩර් මහතාට නීතිය හැදෑරීමට ආශාවක් සිතුන නිසා එම නිසා මෙවර අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයැදුම් කළ බවද වැඩිදුරටත් පැවසීය.
ටියුඩර් මහතා විභාගයට පෙනී සිටින විෂයන්වල ගුරු මාර්ගෝපදේශයන්ද විෂය නිර්දේශයන්ද පසුගිය ප්‍රශ්න පත්‍ර විෂයන්ට අදාළ ‍පොත්ද මිල දී ගෙන මීට මාස හයකට පෙර සිට විභාගයට සූදානම් වූ බවද ඔහු සඳහන් කරන ලදී. තමන්ගේ වයස කිසිසේත් විභාගයට බාධාවක් නොවන බවත් එම විෂයන් පිළිබඳව හොඳ මතක ශක්තියක් තිබෙන බවත් ඒ මහතා පැවැසීය.
විභාගය සමත් වීමට අපේක්ෂා කරන පාසල් සිසුන් පෞද්ගලික පන්තිවලට ගොස් කාලය නාස්ති කර ගන්නේ නැතිව හොඳ කළමනාකරණයකින් විභාගයට සූදානම් වනවා නම් විභාගය සමත් කළ හැකි බවද ඔහු පැවැසීය. ඔහු මෙවර උ/පෙළ විභාගයට දේශපාලන විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, ඉංග්‍රීසි සාහිත්‍ය විෂයන්ගෙන් පෙනී සිටිති. සාමාන්‍ය ඉංග්‍රීසි සහ ‍පොදු පරීක්ෂණයටද පෙනී සිටී.
මෙම විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බවද ටියුඩර් මහතා පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!