Gossip

“උඹලා මගී ජනතාව වෙනුවෙන් කරපු ගොඩක් දේවල් ඒ මිනිස්සුන්ට අමතක වුණා.උඹලා මනුස්සකම පෙන්නපු අයම තමයි අද උඹලගෙ පවුල් වලට පවා සාප කරන්නේ”

පසුගියදා පැවැත්වුණු දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වුණා.
ඒ වගේම මේ සිද්ධිය රටේ ලොකු කතාබහක් ඇතිකළා.
මේ හැමදේටම දුම්රිය සේවකයන්ට බනින අතරේ දුම්රිය සේවකයන්ගේ පැත්තෙන් කතාබහට ලක්වුණු අපූරු සටහනක් මුහුණුපොතේ මේ විදිහට පලවෙලා තිබුණා.

දැනෙන දනවන හදවත් උදෙසා
==============================

ඇත්තටම දුම්රියට ආදරේ කරන මගියෙක් අපිට එවපු මැසේජ් එකක්….

සුවහසක් දුම්රිය සේවක සහෝදරයන් වෙත….

කරපු වැඩවර්ජනය සාමාන්‍ය මගී ජනතාවගෙ පැත්තෙන් බැලූ කල සාධාරණයි කියන්න බෑ තමයි .. ඒත් උඹලා මගී ජනතාව වෙනුවෙන් කරපු ගොඩක් දේවල් ඒ මිනිස්සුන්ට අමතක වුණා.. කුපිත වෙලා ගැහුවා… දුම්රිය දේපල වලට හානි කරා….. හැබැයි ඒ මිනිස්සුන්ට උඹලගෙ මනුස්සකම් ගැන අමතක උනා….

දුම්රිය රියදුරැ මහතුනි.. ඇඟිල්ලක් ගහන්න කෝච්චිවල සෙනඟ පිරැණ වෙලාවක මිනිස්සුන්ට යා ගන්න බැරි වෙලා තියෙද්දි එන්ජින් එකේ පුංචි ඉඩක හරි උඹලා ඒ මිනිස්සු දාගෙන ගියා නේද තරැණ කොල්ලෝ ආසාවට එන්ජිම වටේ කැරකෙද්දි උඹලා ඒ අයව එන්ජිමට නග්ගගෙන හැමදේම කියලා දීලා එන්ජිමේ රවුමක් එක්ක ගියා මතකද.. ඒක ඒ මිනිස්සුන්ට මතක තිබුණද….? එහෙනම් ආයෙත් ඒ වගෙ මනුස්සකම් කරනවද කියලා දෙපාරක් හිතන්න….

දුම්රිය නියාමක මහත්වරැනි. සෙනඟ පිරැණ වෙලාවක කෝච්චියට නැගගන්න බැරි මිනිස්සු පුලුවන් විදියට ගාඩ් කැබින් එකේ දාගෙන ගියා මතකද… ඒ විතරක් නෙවෙයි උඹලා කන කෑම වලින් කොටසක් පවා ඒ මිනිස්සුන්ට දුන්නා මතකද.. ඈත් මිනිස්සු කෝච්චියට දුවන් එද්දී යන්න සංඥාව නොදී ඒ මිනිස්සු වෙනුවෙන් කෝච්චිය නවත්තගෙන හිටියා මතකද….? හැබැයි ඒ මිනිස්සුන්ට මතක තිබුණද…..

දුම්රිය ස්ථානාධිපතිවරැනි…. උඹලට ඉතුරැ රැපියල දුන්නෑ කියලා මිනිස්සු බැන්නට රැපියල් පහත් අඩුවෙන් අරන් සමහර අහිංසක මිනිස්සුන්ට ටිකට් එක දුන්නා මතකද.. සමහර අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි නොගෙන ටිකට් එක උඹලා දුන්නා මතකද………. ආසාවට මිනිස්සු ස්ටේෂන් එකේ ඉදන් කෝච්චි ෆොටෝ ගහද්දි උඹලා ඒ අයට මොකුත් කිව්වේ නෑ නේද ..හැබැයි හරි නම් එහෙම ෆොටෝ ගහද්දි සෑහෙන මුදලක් අය කරන්න ඕන නේද …. එහෙම නොකලේ මනුස්සකමට නේද

දුම්රියේ උඹලා හැමෝම එකතුවෙලා උඹලගෙ පඩියෙන් ගාණක් වියදම් කරලා වෙසක් පොසොන් වලට කෝච්චියේ යන මිනිස්සු වෙනුවෙන් දන්සල් දුන්නා මතකද, ලේ දන්දීමේ කඳවුරැ ,ගංවතුර , නායයාම් වලි අවතැන් උන මිනිස්සු වෙනුවෙන් උඹලා එකතුවෙලා කරපු දේවල් මතකද…….

කෝච්චියේ හොරට ගිහින් අහුවෙන එවුන් පව් කියලා දඩ නොගහා යවලා තියනවා උඹලට මතකද…….සමහරැ කෝල් කරලා ශීට් එකක් බුක් කරලා දීපන් කිව්වම එහෙම කරා මතකද…

දුම්රිය මාර්ගයේ ගමන් කරන්න කිසිම විටක නීතියෙන් අවසරයක් නෑ ….හැබැයි උඹලා රේල් හයික් යන්න මිනිස්සුන්ට අවස්ථාව සලසලා දුන්නා මතකද…… රේල් හයික් යන්න අවසර දෙන්න වත්, එන්ජිමක සාමාන්‍ය කෙනෙක් දාගෙන යන්නවත්, ගාඩ් කැබින් එකක දාගෙන යන්න කියලා වත් උඹලගෙ රැකියා සංග්‍රහයේ කොහෙවත් නෑ ..ඒ හැමදේම කලේ උඹලගෙ මනුස්සකමට.. හැබැයි ඒ දේවල් අද ගොඩක් මිනිස්සුන්ට අමතක වෙලා නේද ………

උඹලා මනුස්සකම පෙන්නපු අයම තමයි අද උඹලගෙ පවුල් වලට පවා සාප කරන්නේ ..
මේ දේවල් පාඩමකට අරන් ආයේ ඒ මනුස්සකම මිනිස්සුන්ට පෙන්නන්න යන්න එපා …. මනුස්සකම පැත්තක තියලා රාජකාරිය අකුරටම කරන්න .. එතකොට මිනිස්සුන්ට තේරෙයි හැමදේම ..

උපුටාගත්තේ – මරදාන දුම්රිය ස්ථානය – Maradana Railway Station පිටුවෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!