Gossip

“කවදාහරි දවසක ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන්න ආසයි” – එංගලන්තයට ගිහින් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකාවේ කොල්ලා

ලෝකයේ වෙනත් රටවල්වලට ගිහින් අපේ රටේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. විවිධ අංශ වලින් පිටරටවල් නියෝජනය කරපු අපි මේ කියන්න යන්නේ ක්‍රිකට්වලින් අපේ රටේ නම බබලවන්න සැරසෙන තරුණයෙක් ගැන.

ඔහු සවින් පෙරේරා.

එංගලන්තයේ අවුරුදු 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලංකාවේ සවින්ට අවස්තාව ලැබිලා තියෙනවා.

කොළඹ ඉපදිලා අවුරුදු 13 දී එංගලන්තයට ගිය සවින් පෙරේරාට මීට අවුරුදු 6 කට කලින් අම්මයි සහෝදරයයි එක්ක තමයි එංගලන්තයේ ස්ථිර පදිංචියට ගිහින් තියෙන්නේ.

සවින්ගේ තාත්තා ඒ වෙනකොටත් එංගලන්තයේ රැකියාවක් කරමින් ඉඳලා තියෙන්නේ.

ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර. කවදා හරි දවසක ලංකාවට එරෙහිව ක්‍රීඩා කරන්න සවින්ට ආසයිලු. සිංහල භාෂාව හොදට තේරෙන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා පන්දු යවන්නට හා පන්දු රකින්නට දෙන උපදෙස් තේරුම් ගන්න එතකොට ඔහුට පුළුවන්ලු.

කවදා හරි දවසක එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමකට සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට තේරෙන එක තමයි සවින්ගේ බලාපොරොත්තුව, ඔහු දැනටමත් නටමත් එංගලන්තයේ ‘මිඩ්ල්සෙක්ස්’ ප්‍රාන්ත කණ්ඩායමේ දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!