Gossip

කප් ගහපු ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අද මොකක්ද මේ වෙලා තියෙන්නේ..? හතුරුසිංහ එන්න කළින් ඇවිලුනු ක්‍රිකට් කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් එන්න එන්නම දුර්වල තත්ත්වයට පත්වෙනවා කියන එක දැන් කාටත් තේරෙන දෙයක්..

මේකට හේතුව මොකක්ද..?

ක්‍රිකට් පාලක මණ්ඩයේ ප්‍රශ්නයක්ද නායකත්වයේ ප්‍රශ්නයක්ද දේශපාලන අතගැසීමක්ද කියන එක ගැන හැමෝම වගේ කතාවෙනවා.

කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න හතුරුසිංහගේ පැමිණීම ගැන කාටත් තියෙන්නේ ලොකු ප්‍රසාදයක් වගේම ලොකු විශ්වාසයක්.

මේ අතරේ ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස් අපේ ටීම් එක ගැන කියලා තිබුණේ මේ වගේ කතාවක්.

 

“මම අපේ එක්දින ක්‍රිකට් ගැන ගතා කළොත් අපි වේගයෙන් ඉගෙන ගත්තේ නෑ. ටෙස්ට් තරගවලදී එය ප්‍රතිවිරුද්ධයි. ක්‍රීඩකයන් ඉක්මනින් ඉගෙනගෙන තත්ත්වයන්ට අනුගත වුණා. එක්දින තරගවලදී එකම වරද සිදුවෙමින් පවතිනවා. අපි මාර්ගයන් මාරු වුවත් එකම බසයකින් ගමන් කරමින් සිටිනවා. ඉතින් මම එය නව පුහුණුකරුට හා තේරීම් කමිටුවට බාර කරනවා. මම පැහැදිලිවම මගේ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“මම නත්තල් සැමරීම සඳහා ආපසු හැරී යනවා, ශ්‍රී ලංකාවට පුහුණු කිරීමට ලැබීම විස්මයජනකයි. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හා මගේ පැත්තෙන් බැලුවත් එය හොඳින් ඉගෙන ගැනීමයි. ඒක හොඳ අවස්ථාවක්. එහි වර්ධනයක් තිබුණා”

“වෙනස් වී නැති දේවල් තිබෙනවා. ඒකට පිළිතුර කුමක්දැයි මම දන්නේ නෑ. හතුරුසිංහත් සමග එකතුවීමට ලැබීම සතුටක්. මම මට පුළුවන් ආකාරයට හතුරුසිංහට සහයෝගය ලබා දෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!