Gossip

කටුවාපිටිය බෝම්බය ගෙනා මරාගෙන මැරුණු ත්‍රස්තවාදියාගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් නොවේ – ඇයව පැහැරගෙන ගොස් ආගම වැළඳගන්න බල කරලා?

පසුගිය පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ මොහොම්මදු හස්තුන්ගේ බිරිද පිළිබදව ඉන්දීය දෙමළ නාලිකාවක් වන IBC Times විසින් වැදගත් අනාවරණයක් සිදුකර තිබෙනවා.

එම තැනැත්තිය පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් හදුනාගත් අතර, සයින්දමරුදු හිදී ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු බෝම්බ පුපුරවාගෙන මියගිය ත්‍රස්තවාදීන් සමග ඇයද සිටි බවට අනාවරණය වුණා.

අදාළ නාලිකාවට අදහස් දක්වමින් පුලස්තිනී ගේ මව වන කවීතා මහෙන්ද්‍රන් හෙළිකර ඇත්තේ ඇය වෛද්‍ය උපාධිය හැදෑරූ ශිෂ්‍යාවක් බවයි.

මඩකලපුව තෙට්ටතිවු හී මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලැබූ ඇය සාම්ප්‍රදායික දෙමළ, හින්දු අධ්‍යාපනය ලැබූ සාමාන්‍ය තරුණියක් බවත්, ඉස්ලාම් අන්තවාදීන් විසින් ඇයව පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හැරවීම සහ රැඩිකල්කරණයට ලක් කෙරූ බවත් ඇගේ මව විසින් අනාවරණය කර තිබෙනවා.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙලෙස සිය දියණියව පැහැරගෙන ගොස් ඇත්තේ මේ වන විට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නමින් පෙනී සිටින කල්ලියේ ලේකම් අබ්දුල් රාසික් සූකරයා බවයි.

තම දියණියව ආපසු කැදවාගෙන ඒමට උත්සහා කල බවත්, එයට ඉඩ නොදුන් අබ්දුල් ඇය ඉස්ලාමය වැලඳගත් බවත්, මුස්ලිම් ජාතිකයකු (කටුවාපිටියේ බෝම්බකරු – මොහොම්මදු හස්තූන්) සමග ඇය විවාහ වූ බවත් ප්‍රකාශ කළ බවද ඇගේ මව සඳහන් කර තිබෙනවා.

විවාහයෙන් මාස කිහිපයකට පසු දුරකථනයෙන් තමා ඇමතූ දියනිය ඇයගේ ජීවිතය අවාසනාවන්ත එකක් බව පැවසූ බවත්, එයින් පසුව කිසිම සම්බන්ධයක් නොතිබූ බවද පුලස්තිනීගේ මව IBC නාලිකාව වෙත කළ ප්‍රකාශයේ සඳහන්.

ප්‍රහාරයට සති දෙකකට පෙර නාදුනන පුද්ගලයෙකු තමන් ශ්‍රී ලංකා බුද්ධි නිලධාරියෙකු ලෙස පෙනී සිිටිමින් පුලස්තිනී පිළිබදව විස්තර විමසූ බවද ඇගේ මව පවසා තිබෙනවා.

අයි බී සී වාර්තාව හෙලිදරව් කරන්නේ අබ්දුල් රසික් සූකරයා යනු සැබැවින්ම තමිල්නාඩුවේ තව්හීඩ් ජමාත් සමග සමීප සබඳතා ඇති ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් රැඩිකල් ඉස්ලාමීය සංවිධානයේ නායකයා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!