Gossip

ඔයා හුඟාක් වෙනස් වෙලා – අගමැති, මන්ත්‍රී කරන්න දයාසිරිත් සහය දෙයි

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

හෙට දිනයේදී ගෙදර ගියත් විශ්වාසභංග පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් තම ඡන්දය මුදල්වලට පාවා නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

පසුගිය 02දා රත්‍රීයේදී පැවති සකච්ඡාවේදීද විශ්වාසභංගයට පක්ෂව ඡන්ද දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් තීරණය කළ බවත් විශ්වාසභංගයට අත උත්සන්න තරම් කොන්දක් ඇති බව අමාත්‍යවරයා පවසයි.

තවද කැබිනට් මණ්ඩලයේදී හඩ නැගිය යුතු හැම අවස්ථාවකම ඔවුන් නිහඬව නොසිටි බව ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ අයින් කරනවාද නැද්ද යන්න තීරණය ඔවුන්ට ගැනීමට නොහැකි බවත් එය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාවක් බව ඔහු පෙන්වදුන්යේය.

ඔවුන් ගනු ලබන තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණ වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මාර්ගය එක්සත් ජාතික පක්ෂයට විසින් තීරණය කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ගමන් මාර්ගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂට තීරණ කළ නොහැකි බව අමාත්‍ය වරයා වැඩිදුරටත් අඳහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!