තරු හුට පට

ඔබාමාට වුණදේ සංගාටත් වෙයිද?

11403369_449798311862176_491774063137872571_n

ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් තරඟාවලියක් ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය මේ දිනවල බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙනවා. එම තරඟාවලිය නැරඹීඹට ලොව පුරා ජනප්‍රිය තරු රැසක්ම එක්ව සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරු පිතිකරුවෙකු වූ කුමාර් සංගක්කාර ද එම තරඟාවලිය නැරඹීඹට එක්ව සිටි අයුරු දැක ගන්නට ලැබුණා. ඒ ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර සමගයි.

කුමාර් සංගක්කාර කියන්නේ ඉතින් ලොව කොයි කාගෙත් ජනප්‍රිය තරුවක් නේ. ඉතින් සංගක්කාර සිය බිරිඳ සමග තරඟයක් නරඹන අතර තුර සංගක්කාරගේ රසිකාවියක් ඔහු සමග කතාවකට පැටළුණා. අසළම සිටි යෙහාලි මේ ගැන වගේ වගක්ව නැති ඉන්න අයුරුත් කැමරාවට හසුව තිබුණා. හැබැයි යෙහාලිගේ මුහුණේ වෙනසක් ඇති බව නම් ඒකෙන් පේන්න තිබුණා.

මේ වගේම සිද්ධියකට අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමටත් මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා. ඒ තමයි දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ අභාවයට පැමිණි අවස්ථාවේ. ඒ වෙලාවේ ඔබාමා තවත් සුදු කාන්තාවක් සමග යමක් ගැන කතා කර කර ඉන්නකුට ඔබාමාගේ බිරිඳගේ මුහුණත් සිනාවක් නැතිව මැලවිලා තිබුණා.

මේ කියන කතා දෙකම ඇත්තක්ද බොරුවක් ද කියලා ඉහත ඡායා රූපය බලලාම හිතලා බලන්නකෝ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!