Gossip

ඔබත් මේ වැරැද්ද කළාද..? වැරදි පාරෙන් අන්තර්ජාලය භාවිත කළ අය පොලිස් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 9,10 යන දෙදින තුළ අන්තර්ජාලය භාවිත කරමින් එවැනි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සිසුන් දෙදෙනා මිනුවන්ගොඩ සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

සැකකරුවන් ඊයේ (11) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 22 වන දින දක්වා මාකොල තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස අධිකරණය නියෝග කළා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!