බොලිවුඩ්

ඔන්න අපෙනුත් සුභ පැතුම්!

බොලිවුඩයේ සුරූපී රංගන ශිල්පිණියක් වන අම්රිතා අරෝරා දෙවන වරටත් පුංචි පුතෙකුගේ අම්ම කෙනෙක් වෙලාලු. පහුගිය 20 වෙනිදා තමයි අම්රිතාගේ දෙවන සිඟිත්තා මේ විදිහට මෙලොව එළිය දැකලා තියෙන්නේ.

“අම්රිතාටයි ශකීල්ටයි තවත් ලස්සන පුංචි පුතෙක් ලැබුණා. හරීම හුරතල්. ඒ දෙන්නට මගේ උණුසුම් සුභ පැතුම්!” අම්රිතාගේ මස්සිනා පොඩ්ඩ ඒ කියන්නේ අබාස් ඛාන් සුබපතලා තියෙන්නේ එහෙමයි.

හැබැයි අබාස්ගේ බිරිඳ ඒ කියන්නේ අම්රිතාගේ සහෝදරිය වෙන මලයිකා කියලා තියෙන්නේ අම්රිතාට තවත් පුතෙක් ලැබිලා කියලා විතරයි. ඒ ගැන වෙන කිසිම විස්තරයක් මාධ්‍යට හෙළි නොකරන්න මලයිකා වගබලා ගෙන තියෙනවා.

අම්රිතා ව්‍යාපාරිකයෙක් වෙන ශකීල් ලඩක් එක්ක විවාහවෙලා ඒ දෙන්නගේ පළවෙනි පුංචි පුතා ලැබුණේ 2010 දීයි. ඒ අසාන්

කොහොම වුණත් අම්රිතා මේ කාලේදී යාළුවන්ගේ උත්සව එකක්වත් මඟ ඇරලානම් නෑ. කොහොම කොහොම හරි හැම එකකටම ගිහින් තියෙනවා. පහුගිය සතියේ තිබුණ කරීනාගෙයි සයිෆ්ගෙයි විවාහයටත් අම්රිතා සහභාගී වෙලා. 14 වෙනිදා තිබුණ විවාහ උත්සවයේ දී අම්රිතා හරීම ලස්සනට හිටියා කියලත් අපිට ආරංචි වු‍ණා.

දෙවෙනි පුතත් එක්ක මේ දවස්වල අම්රිතා වැඩ ගොඩක පැටලිලාලු ඉන්නේ. මේ ජරමර අස්සේ අම්රිතා ආයේ කවදා රඟපාන්න එයිද කියලයි අපි බලන් ඉන්නේ. කොහොම හරි කමක් නෑ අම්රිතාගෙයි ශකීල්ගෙයි අලුත උපන් පුංචි පුතුට අපෙන් සුභ පැතුම්!

2 Comments

2 Comments

  1. Rencontres

    March 27, 2013 at 3:31 pm

    Hey, kliler job on that one you guys!

  2. Sudjono

    March 29, 2013 at 3:05 pm

    It’s good to get a fresh way of lokonig at it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!