බොලිවුඩ්

වාර්තාකරණයේ අමුතුම ආදරය

ජනමාධ්‍ය, දේශපාලනය, අපරාධ මැද්දේ ගලා ගෙන යන ආදරයකුත් එක්ක එන අලුත්ම ත්‍රාස්‍යජනක චිත්‍රපටිය තමයි රශ් කියන්නේ. ජීවිතය එක අන්තයකත් මරණය තවත් අන්තයකත් පෙනෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි සෑම් ග්‍රොවර්.

ඉම්රාන් හෂ්මි පණ පොවන සෑම් කියන්නේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්. සෑම්ගේ මාධ්‍ය ජීවිතයත් එක්ක ගැටෙන ත්‍රාස්‍යජනක සිදුවීම් එකිනෙක පෙළගැස්වීමෙන් ජීවිතයේ විනිවිදභාවය මේ චිත්‍රපටියෙන් කියැවෙනවා කියලා කියන්න පුළුවන්.

ඉම්රාන් හෂ්මි එක්ක සාගරිකා ඝත්ගේ, නේහා ධූපියා, ආදිත්‍යා පන්චෝලි චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

ශමීන් දෙසා‍යිගේ අධ්‍යක්ෂණයක් වන “රශ්” “පර්සෙප්ට් පික්චර්” ආයතනයේ නිෂ්පාදනයක්. රශ්ගේ ගීත රචනය සයීඩ් කෝද්‍රී, කුමාර් හා අෂීෂ් පණ්ඩිත්ගේ එකතුවක් වෙනකොට සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රීතම් චක්‍රබෝතී. චිත්‍රපටියේ කතාව අධ්‍යක්ෂණය කරපු ශමීන් දෙසායිගෙන්ම වුණත් දෙබස් ලියලා තියෙන්නේනම් සන්ජේ මසූන්.

ඔක්තෝම්බර් 26 වෙනිදා තමයි චිත්‍රපටිය තිරගතවීම ආරම්භ වෙන්නේ.

ඉම්රාන් රඟපාන චිත්‍රපටි හැම එකක්ම වගේ හි‍ට් වෙනවා කියන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ.  බලමු මේකට මොනවා වෙයිද කියලා.

1 Comment

1 Comment

  1. Asiye

    December 19, 2012 at 4:43 pm

    Your answer shows real intleliegnce.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!