තරු හුට පට

ඔට්ටුවට තට්ටු වී භාග්‍යා වතුරේ

භාග්‍යා ගුරුසිංහ කියන්නේ මේ දවස්වල ටෙලිවල විෂුවල්වල හරි හරියට ඉන්න නිළියක්නේ. ඔයා නිසා හඬලා සින්දුවත් එක්ක භාග්‍ය ගැන කතාබහත් වැඩි වුණානේ. කොහොම හරි ඉතින් අද අපි වටින් පිටින් භාග්‍යා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. භාග්‍යා කන්නනං රුසියා. හැබැයි උයන්න පුළුවන් බතුයි, පරිප්පුයි, මාළුයි විතරයිලු. ඒකවත් කන්න පුළුවන් තරමට හදාගන්න පුළුවන්නම් ඉතින් ඒකත් ලොකු එකක්.

කොහොම හරි ඉතින් ඔය අස්සේ අපිට හම්බවුණා භාග්‍යා නාපු සීන් එකකුත්. නෑවා කියලා කිව්වට මොකද ඇත්තටම කිව්වොත් නාවලා. ආරංචි වුණ විදිහටනම් ඒ වැඩේ වෙලා තියෙන්නේ මේ විදිහටයි. මතකද දන්නේ නෑ ගිය පාර 2012 20/20 ලෝක කුසලානේ දී අපේ කට්ටිය සැප කෑමක් කෑවනේ. භාග්‍යා අධ්‍යක්ෂවරයෙක් එක්ක ඔට්ටු අල්ලලා තිබිලා තියෙනවා බටහිර කෙදෙව් කණ්ඩායම පරද්දලා ලංකාව තරඟයෙන් දිනනවා කියලා. හැබැයි ඉතින් අන්තිමේ දී අපේ කට්ටිය පැරදුනානේ. ඉතින් ඕකෙදී භාග්‍ය චණ්ඩියා වගේ කියලා තියෙනවා “මමයි දිනන්නේ. ඔට්ටුව මං දින්නට පස්සේ ඔයාව පූල් එකට තල්ලු කරනවා“ කියලා. ඔට්ටුවනම් ඉතින් ඔට්ටුවමනේ. සෙට් එකේ කට්ටියම එකතුවෙලා භාග්‍යව පූල් එකට ඇදලා දාලා තියෙන්නේ ඊට පස්සෙයි. කොහොමින් කොහොම හරි අන්න ඒ විදිහට තමයි භාග්‍යා ප්‍රසිද්ධියේ නාලා තියෙන්නේ.

4 Comments

4 Comments

  1. Shanu

    February 6, 2013 at 8:11 am

    ane ane… niyamama wede… ayanam ottu allanne nethiwei jeewitheta.. 😀

  2. Dilupa

    February 25, 2013 at 12:08 am

    බලන් යද්දි නාගන්න ඔට්ටු අල්ලන්නෙ දේසපාලකයො විතරක් නෙවෙයිනෙ. නලු නිලියොත් ඒ වැඩේම කරනව වගේ.

    • Happy

      March 27, 2013 at 4:32 pm

      Slam dunkin like Shaquille O’Neal, if he wrote informative arictles.

    • Orlando

      March 29, 2013 at 7:30 pm

      If you wrote an airtcle about life we’d all reach enlightenment.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!