තරු හුට පට

ඩබලගේ ජෝක් එක වණවෙලා

පුබුදු ගමගේ කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දඩබ්බර වැඩ කරන චරිතයක්නේ. ඉතින් අපි අද වටින් පිටින් පුබුදු ගැනත් ටිකක් හොයලා බැලුවා. අපිට ආරංචි වුණ මේ සිද්ධිය වෙලා තියෙන්නේ ආදරණීය පූර්ණිමා රූගත කිරීම් අතරතුරේ දීයි.

ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට කට්ටියට නුවර යන්න තිබිලා තියෙනවා. හරියටම මේ සෙට් එක නුවර ගිහින් තියෙන්නේ වෙසක් කාලේදී. නුවර දී මේ අය නැවතිලා ඉඳලා තියෙන්නේ හොටලේක. වෙසක් කාලේ නිසා දකින දකින හැම තැනම සරසලා තිබිලා. නුවර කිව්වම ඉතින් සැරසිලි කොච්චර තියෙන්න ඇද්ද කියලා අමුතුවෙන් අහන්න දෙයකුත් නෑනේ. හැබැයි වැඩේ කියන්නේ ආදරණීය පූර්ණිමා රූගත කිරීම ගිය සෙට් එක නැවතිලා හිටපු හෝටලේ විතරක් මෙලෝ සැරසිල්ලක් තිබිලා නෑ. ආගම මොකක් වුණත් තමන්ගේ ගනුදෙනුකරු ගෙන්න ගන්න උපපරවැට්ටියක් විදිහටවත් මේ අයනම් හෝටලය සරසලා තිබුණේ නෑ.

ඒ කොහොම වුණත් මේක දැකපු පුබුදුට මුකුත් නොකර නිකන් මොකක්දෝ වගේ හිතිලා. දෙන්නම් වැඩේ කියලා මහ රෑම පුබුදු හොර වැඩකට සෙට් වුණේ ඒකට පස්සෙයි. හැබැයි ඉතින් ඒ තනියමනම් නෙමෙයි. ආදරණීය පූර්ණිමා ටෙලියේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු ධනංජය සිරිවර්ධනවත් සෙට් කරගෙනයි. දෙන්නම ඉතින් එකම බෝට්ටුවෙනේ. මහ පාන්දර 1.00 ට විතර දෙන්නම හොරෙන් නැගිටලා ගිහින් වටේ තියෙන හැම හෝටලේකම වගේ සැරසිලිවලට දාල තිබ්බ කොඩි ටික උස්සන් ඇවිත් නතරවෙලා හිටපු හෝටලේ වටේටම සැරසුවා. රෑ දෙගොඩ ජාමේ කරපු මේ හොර වැඩේ ගැන කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මේ හොර ඩබල මුකුත් නොදන්න ගාණට ඇවිත් ෂේප් එකේ නිදාගෙන තියෙන්නේ හිත යටින් හොඳ හැටි හිනාවෙවී.

කොහොම හරි පහුවෙනිදා උදේ හෝටලේ ඉස්සරහ අමර වලියක්. දෙන්නම ගිහින් බලද්දී තමයි තේරිලා තියෙන්නේ වැඩේ දෙල් වෙලා කියලා. වටේ හෝටල්වලින් කොඩි ගැලෙව්ව කියලා ඒ අය සේරම ඇවිල්ලා හෝටලේ අයිතිකාරයාව මරන්න හදනවා. මොනවා කරන්නද… දෙන්න ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ කටවහගෙන බලන් ඉඳලා මොකද වෙන්නේ කියලා. වැරැද්ද පිළිගන්නත් බෑනේ. මේ ඩබල විහිළුවට කරපු වැඩේ වණ වෙලා තියෙන්නේ අන්න ඒ විදිහටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!