Gossip

එල්.ටී.ටී.ඊ.ය යළිත් ගෙන ඒමයි අපේ අරමුණ.. අපි ජීවත් වෙන්න ඕනෙ නම් යළිත් උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ.ය අතඔසවන්න ඕනේ – වීඩියෝ

දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය පවසනවා.

මේ අතර දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

අද(02) යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

උතුරේ කාන්තාවන් දැඩිදුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දක්වා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා තම පක්ෂය දියුණු කිරීමට පමණක් කටයුතු කරන බවත් උතුරේ වැසියන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදුනොකරන බවද අමාත්‍යවරිය පෙන්වාදෙයි.

මෙම සිද්ධිත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!