Gossip

“ඔව් මට විශේෂ කෙනෙක් ඉන්නවා..මම සෙක්ස් සීන්වලට සම්බන්ධ වෙන්නේ නෑ”

රුක්ෂානා දිසානායක කියන්නේ පුංචි තිරයෙන් රසිකයන් අතරට ආපුු ඒ වගේම මියුසික් වීඩියෝවලින් හැමෝම දැනගත්තු චරිතයක්..

ඉතිං රුක්ෂානාගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

කොහොමද රුක්ෂානා මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල වී. සිවදාසන් මහත්මයාගේ චිත්‍රපටයක රූගත කිරීම්වලට එකතු වෙනවා. තව ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.

රුක්ෂානාට සිනමාවේ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන් නේද?
ඔව්. කලාතුරකින් තමයි අවස්ථා ලැබෙන්නේ. ඒ ලැබෙන හැම නිර්මාණයක්ම භාරගෙන තියෙනවා. දැනට චිත්‍රපට දෙකක් තිරගත වුණා. වී. සිවදාසන් මහත්මයාගෙම තව චිත්‍රපටයක් තිරගත වෙන්නත් තියෙනවා.

ඒ කියන්නෙ නිර්මාණ ලැබෙද්දි රුක්ෂානා තෝරා ගැනීම් කරන්නේ නැද්ද?
තෝරා බේරා ගැනීම් කරන්න තරම් චිත්‍රපට, ටෙලි නාට්‍ය මට ලැබෙන්නේ නෑ. ලැබුණොත් ඉතින් පැනලා භාර ගන්නවා.

යම් කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවත් හෝ නිරුවත් වෙන්න ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?
එහෙම ආරාධනා නම් මට ලැබිලා නෑ. සෙක්ස් සීන්වලට මම සම්බන්ධ වෙන්නේ නෑ. මගේ අම්මයි ආච්චියි කැමැති නෑ මම කොටට අඳිනවාට.
සාමාන්‍ය කොටට ඇඳුම් ඇන්දට වැඩිපුර කොට ඇඳුම් ඇන්දොත් එයාලා මට බනිනවා. ඉතින් නොකළ යුතු දේවල් මම කරන්නේ නෑ.

රුක්ෂානා පාලනය වෙලා ඉන්නේ අම්මයි, ආච්චියි නිසාද?
අම්මෝ ඔව්. එයාලා මාව ගොඩක් පරිස්සම් කරනවා.

රුක්ෂානාට ප්‍රධාන චරිතත් හිඟයි නේද?
ජීවිතේට මට නිර්මාණයක ප්‍රධාන චරිතයට කතා කරලා නෑ. මම හිතන්නේ කතා කරන්නෙත් නැති වෙයි. ගොඩක් වෙලාවට ගැලපෙන එක තමයි මට ලැබෙන්නේ.
ප්‍රධාන චරිත ඉල්ලුවොත් මේ තියෙන වැඩත් නැතිවෙයි.

ප්‍රධාන චරිත අහිමි වෙන්නත් හේතුවක් ඇති?
මම ඉතින් ලොකුවට ලස්සන නෑනේ. ඒ වගේම ලොකු දක්ෂතාවකුත් නෑනේ. ඒ වගේම වාසනාව නම් මට ඇත්තේම නෑ.
ඒ නිසා වෙන්න ඇති මට ප්‍රධාන චරිත නොලැබෙන්නේ. ප්‍රධාන චරිත ඉල්ලුවා නම් මට ගෙදරම ඉන්න වෙයි.

අවස්ථා අඩු වෙලත් රංගනයේ එල්ලිලා ඉන්නේ ඇයි?
මට ෆස්ට් ක්ලාස් ඩිග්‍රිරි එකකුත් තියෙනවා. ඒත් මම පොඩි කාලේ ඉඳන් ආසයි නිළියක් වෙන්න. ඉතින් ඒ වාසනාව නම් මට ලැබුණා. මෙහෙම හරි අවස්ථාවක් තියෙන එක ගැන සතුටුයි.

සමහරු කියනවා සම්බන්ධකම් හදාගෙන අවස්ථා හදාගන්න පුළුවන් කියලා. රුක්ෂානා එහෙම අවස්ථා ගන්න උත්සාහ කරලා නැද්ද?
මට කෙනෙක් ගැන අවංකව සම්බන්ධතාවක් ඇති කරගන්න හිතුණොත් ඇති කරගන්නවා.
නාට්‍යයක්, චිත්‍රපටයක් ඉල්ලා ගන්න නම් මම සම්බන්ධකම් ඇති කරගෙන නැහැ.

රුක්ෂානාට වාසනාව නිසා අහිමි වෙච්ච තව දේවල් තියෙනවද?
අම්මෝ… ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා. නමුත් මම ඒක මත්තේ ඉන්නේ නැහැ.

ඔබ ජනප්‍රිය චරිතයක්ද?
මම හිතනවා මම යම්තාක් දුරට ජනප්‍රියයි කියලා. නමින් දන්නේ නැති වුණාට මගේ රූපෙන් නිළියක් කියලා මාව හඳුනනවා.

නමුත් තාම රුක්ෂානාට ජනප්‍රියත්වය වෙනුවෙන් සම්මානනීය ඇගැයුමක් ලැබුණේ නැහැනේ?
ඒකටත් ලොකු දෙයක් කරන්න ඕන. ජනප්‍රිය ටෙලි නාට්‍යයකින් හැමදාම පෙනී හිටින්න ඕන. ප්‍රධාන චරිත කරන්නත් ඕන.
ඒ හැම දෙයක්ම හරි ගියොත් දවසක සම්මානනීය ඇගයුමක් ගන්න පුළුවන් වෙයි.

බොහෝ රංගන ශිල්පිනියන් රියැලිටි වේදිකාවල දකින්න ලැබෙනවා. රියැලිටි වේදිකාවේ පේන්න නැත්තේ ඒවායෙනුත් රුක්ෂානාට කැපිල්ලක් නිසාද?
කැපිල්ලක්ද කියලා දන්නේ නෑ. මට කිසිම නාළිකාවකින් රියැලිටි තරගයකට ආරාධනා කරලා නෑ. මමත් ආසයි නටන්න, සින්දු කියන්න. අවස්ථාවක් ලැබුණොත් පැනලා භාර ගන්නවා.

රුක්ෂානාට නැටුම්, ගැයුම් පුළුවන්ද?
මට උපාධිය තියෙන්නෙත් නර්තනයෙන්. ඉතින් නටන එක මම කාලයක් කළා. අවස්ථාවක් ලැබුණොත් ඒ හැකියාව පෙන්වන්න පුළුවන්.

මාධ්‍යවලට රුක්ෂානාව මඟහැරෙන්නේ ඇයි?
මම තරුවක් නෙවෙයි නිසා මාධ්‍යවලට මාව මඟහැරෙනවා ඇති.

දැන් රුක්ෂානාගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති?
ඔව්. විශේෂ කෙනෙක් ඉන්නවා.

ඒ කෙනා කවුද කියමු
අද කාලේ කිසිම කෙනෙක් ෂුවර් නෑනේ. ඉතිං විවාහය කියන තැනටම ආපු දවසට ඒ කවුද කියලා කියන්නම්. අද කාලේ දෙයක් වෙනකල් විශ්වාස කරන්න බෑනේ.

රුක්ෂානාට පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා නේද?
අම්මෝ ඔව්. මට ගොඩක් ඉන්නේ පිරිමි යාළුවෝ. කැම්පස් එකේ වුණත් ඕන දෙයකට එන්න පිරිමි යාළුවෝ ගොඩක් හිටියා. ක්ෂේත්‍රයෙත් එහෙමයි. සමහර විට මම කෑගහලා, දඟලලා ඉන්න නිසා මට වැඩිපුර පිරිමි යාළුවෝ සෙට් වෙනවා ඇති.

රුක්ෂානාව ආශ්‍රය කරන යාළුවෝ කිහිප දෙනා අතරේ නේද ඒ විශේෂ කෙනා ඉන්නෙත්?
සමහර විට වෙන්න පුළුවන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!