Gossip

එය මම අනුමත කරන්නෑ – මොන තරම් ලස්සනට ඇඟ තියාගෙන හිටියත් ඇඟ පේන්න අඳින්න මම කැමති නැහැ – වත්සලා දියලගොඩ

ලස්සන කියන වචනයේම තියෙන්නේ හරිම සුන්දර බවක්. ලස්සන හැම දෙයකම ඉදිරියෙන් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඕනෑම ලස්සන දෙයක් නිසා වටපිටාවම ලස්සන වෙනවා. කෙනෙකුගේ ලස්සන වූනත් අපි මුලින්ම දකිනකොට ඇසට ගැටෙනකොට එය හරිම සුන්දරයි. මම හිතනවා. කාන්තාවකගේ ලස්සන හැම පැත්තකින්ම ඉදිරියට යන්න ලොකු උදව්වක් කියලා.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ හිතනවාද?
ඔව්. මං නියැලෙන රංගන ක්ෂේත්‍රයේදී මා සතු ලස්සන රංගනයෙන් ඉදිරියට යාමට අඩිතාලමක් වූණා. වෘත්තියේ රැඳෙන්න අනිවාර්යෙන්ම දක්‍ෂ විය යුතුයි. ඒවාගේම ඉදිරියට යාමට ලස්සන ඉතාම වැදගත්.

ඔබ ඔබව ලස්සනට තියා ගන්න සැලකිලිමත්ද?
අනිවාර්යෙන්ම ඔව්. කැඩපත ඉදිරියට ගිහින් මම මගේ මුහුණ බලද්දී මට මාව ප්‍රියමනාපව පේනවානම් ඊට වඩා සතුටක් තවත් කොහෙන්ද? රංගන ශිල්පිණියක් නිසා මම මගේ ශරීරය ලස්සනට තියා ගන්න හරිම සැලකිලිමත්. දෛනිකව ඒ වෙනුවෙන් පුංචි හෝ කාලයක් යොදා ගන්නවා ඒ හැමදේම එක්ක මම පුංචි දියණියකගේ මවක්. (දියණියට අවුරුදු 5යි) දුව හරිම ආසයි එයාගේ අම්මා ලස්සනට පිළිවෙළකට ඉන්නවාට එයත් කවදහරි ඒ වගේම ලස්සනට ඉන්න උත්සාහ කරයි කියලා හිතෙනවා.

රූපය ලස්සන කර ගන්න දෛනිකව සිදුකරන්නේ මොනවාද කියා දැන ගන්න ආසයි.
මට ලස්සන කොන්ඩයකුයි ලස්සන ඇඟකුයි, ලස්සන හමකුයි ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන දේවල් ආරක්‍ෂා කරගෙන රැක ගැනීම මම ආදරෙන් කරනවා. කෑම බීම ගැනීමේදී සැලකිලිමත් වෙනවා. මොකද එය නිරෝගිකමට බලපාන නිසා ඊට අමතරව දෛනිකව වතුර ගොඩක් බොනවා. පලා වර්ග, එළවළු ගොඩක් කන්න ආසයි. ඖෂධීය කොළ වර්ග යුෂ විදිහට පිළියෙල කරලා උදෑසන පානය කරනවා. වෙලාවක් ලැබුණාම යෝගට්, කෝමාරිකා, මීපැණි, කහ, අලිගැටපේර වැනි ස්වාභාවික දේවල් ආලේප කිරීමට පුරුදුවී සිටිනවා.
හිසකෙස්වලට සතියකට දින තුනක් තෙල් සාත්තුවක් කර පිරිසිදු කිරීමට පුරුදුවී සිටිනවා. ඊට අමතරව දේශීය කාලගුණයට ගැලපෙන ස්වාභාවික ආලේපනයක් භාවිතා කරන අතර සමේ පැහැය ආරක්ෂා කර ගැනීමට පෝෂණ අතිරේඛයක් දෛනිකව ගැනීමට පුරුදුවී සිටිනවා.

ඔබේ සිරුරට වඩාත් ලස්සන ඇඳුම මොකක් කියලාද දකින අය කියන්නේ?
ගවුම ගොඩක් ලස්සනයි කියලා කියනවා. අනිත් හැම ඇඳුමක්මත් ලස්සනට තියෙනවා. මොන තරම් ලස්සනට ඇඟ තියාගෙන හිටියත් ඇඟ පේන්න අඳින්න මම කැමති නැහැ.

බොහෝ කාන්තාවන් නගන චෝදනාවක් තමයි අපිට අපේ ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා.
එය මම අනුමත කරන්නෑ. දිනකට පැය 24ක් තිබෙනවා. එක පැය බාගයක් අපි වෙනුවෙන් හොයා ගැනීමට අපි නුවණක්කාර විය යුතුයි. ආලේපනයක් ගල්වාගෙන නිවසේ රාජකාරියක නිරතවීම අපහසු දෙයක් නොවේ. අම්මා ලස්සනට ඉන්නවාට ගෙදර හැමෝම කැමතියි. අපිළිවෙළට, අපිරිසිදුව ඉන්නවාට වඩා පිළිවෙළට පිරිසිදුව ඉන්න පුළුවන්නම් අපි ඉබේම ලස්සන වෙනවා.

ලස්සන වෙන්න සල්ලි අවශ්‍යමයි කියා ඔබ විශ්වාස කරනවාද?
නැහැ. නවීන ලොකයේ නම් සල්ලි තියෙනවානම් ලස්සනවීම වෙනුවෙන් බොහෝ දේ කළ හැකියි. නමුත් අපිට ස්වාභාවිකව ලබා ගන්නා පුංචි දෙයකින් වුණත් ලැබුණ රූපය ආරක්‍ෂා කර ගන්න බැරිකමක් නැහැ. බාහිරව ලස්සන වෙන ගමන්ම අධ්‍යාත්මිකවත් ලස්සන වෙන්න පුළුවන්නම් අපි ඉබේම ලස්සන වෙනවා. ලස්සන වෙනවා කියන අභියෝගය හැමෝටම ජයගන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!