Gossip

“එයා ලේ බලන්න බයයි – මට බය වෙන්න එපා කිව්ව එයාගෙ ඇස් වල කඳුලු ” – ගායන ශිල්පිණී උපේකා මව් පදවිය ලැබෙන්න කළින් විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.

ඉතින් උපේකායි ඇගේ සැමියා තිළිණයි විවාහ වෙලා අවුරුද්දක් ගතවෙන්නත් කළින් ඒ දෙන්නාට ලස්සන තෑග්ගක් හම්බුණා. ඒ තමයි මව් පදවිය.

ඉතින් දැන් උපේකාටයි තිළිණටයි ලස්සන පුතෙක් ලැබිලා.

මේ ඇය පුතා හම්බෙන්න කළින්වි ඳපු අත්දැකීම ගැන සමාජජාල මාධ්‍යයන්වලට යොමු කර තිබූ විදියයි.

මමත් ජීවිතේ නොවිඳපු අත්දැකීමක් අත්විඳින්න ලෑස්තියි.මනමාලියක් වෙලා අවුරුද්දක්වත් යන්න කලින් මං අම්මා කෙනෙක් වෙන්න හදන්නෙ අද.
අම්මලා තාත්තාල අක්කලා යාලුවෝ හැමෝම ඇවිත්. දෙපැත්තෙන්ම අම්මලාට එන්න ඉන්න අළුත්ම පලවෙනිම මුනුපුරා.ඒක සාමාන්‍ය ප්‍රසූතියක් නෙවෙයි.
සිසේරියන් සැත්කමක්.පොඩි කාලෙ ඉඳලා දතක් වත් ගලවන්න ඉස්පිරිතාලෙ නොගියපු නිසා වෙන්න ඇති මම අද ටිකක් බය වෙලා.ටිකක් කිව්වට ටිකක් නෙවෙයි. ඒත් මං ඒක පෙන්නුවෙ නෑ.
ලෝකෙ හැම අම්මා කෙනෙක්ම විඳපු දෙයක් නෙ කියල හිත හදා ගත්තා. මගෙ මහත්තයා දවසෙම මං ලඟ.
ඔපරේෂන් තියේටර් එකට යන්න වෙලාව හරි. හරිම ආදරෙන් මගේ මහත්‍තයායි මගෙ අම්මයි මාව ලෑස්ති කරලා ඉවර වුනා. වෙනදා එලියට යන්න අපි මොනාද නොගාන්නෙ. අද සුභ ගමනකට මාව පිටත් කලේ කොන්ඩ දෙකක් ගොතලා, පිටිපස නිර්වස්ත්‍ර රෙදි කඩක් එක්ක.
එයා පුතා හම්බවෙනකන්ම මං ලඟ ඉන්නවා කියලා මං දන්නවා. ඒත් එයා ලේ බලන්න බයයි. මට ආදරේ නිසාම එයා මං එක්ක ආවා. මට හයියක් වෙන්න.
ඒ මොහොත කවදාවත් අමතක වෙන්නෙ නැහැ අපිට. මට බය වෙන්න එපා කිව්ව එයාගෙ ඇස් වල කඳුලු. එයාගෙ ඇස් දෙකේ බය,අදරේ , කුතුහලේ පිරිලා. එයාට බය වෙන්න එපා කියලා මං කිව්වා.
එයාගෙ අත මං ඔපරේෂන් එක ඉවර වෙනකන්ම තදින් අල්ලන් හිටියේ. මාස 9ක් මගෙ ඇඟේ දඟලපු අපි දෙන්නගෙ එකතුවෙන් නිර්මාණය වුනු වස්තුව දකින්න ගියේ විනාඩි 15 යි.බබෙක් ලැබෙන්න ඉද්දි අම්මලා බිත්ති වල පිටරට බබාලගෙ පින්තූර ගහගන්නවා නේද?ඒත් මං බිත්ති වල ගැහුවේ මගේ මහත්තයා පොඩි කාලේ පින්තූරු.මොකද මට ඕන උනේ මගේ පුතා එයා වගේම වෙන්න. පෙනුම විතරක් නෙවෙයි හැමදෙයක්ම.හිතා ගන්නත් බෑ අපේ පුතාත් එයා වගේමයි.
මේ හැම දෙයක්ම ඉවර වෙලා නෑයෝ ලඟට එන්න ගියේ විනාඩි 40 වගේ කාලයක්. මාවයි මගේ දරු පැටියයි ට්‍රොලියේ කාමරයට ගේද්දී හැමෝම අපිව පිළිගත්තු විදිය😭❤️
ඉක්මනින් ජීවිතේ කැරකැවෙන හැටි. හිතා ගන්නත් බෑ අපි දෙමාපියෝ වෙලා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!