Gossip

“අපි දෙන්නගේම අදහස් ගැලපෙනවා – අපි දෙන්නා මුණගැහුණේ අපේ වාසනාවට “- අශාන්ති සහ රන්දීර් ඒ දෙන්නා ගැන මාධ්‍යයට කියපු කතාව

මුලින්ම රන්දීර්ව මට මුණගැහුණේ මගේ වයස අවුරුදු දහතුනේදීයි. එදා යාළුවෙක්ගෙ පාටියකදී මට රන්දීර්ව මුණගැහුණා. මගේ යාළුවාගේ අයියගේ යාළුවෙක් විදිහට එදා රන්දීර් ඒ පාටියට ඇවිල්ලා හිටියා. ඒ කාලෙදී තිබුණු රැප් ටීම් එකක රන්දීර් ඉඳලා තිබුණා. ඊට කාලයකට පස්සෙ මම භාතිය එක්ක සංගීත නිර්මාණ කිහිපයක් කරගෙන යද්දී රන්දීර්ව ආයෙමත් මුණගැහුණා. එතකොට මගේ වයස අවුරුදු දාසයක් විතර ඇති. අපි ගීත හදන්න පටන්ගන්න කාලෙදීම තමයි රන්දීර්ව ආයෙමත් මට මුණගැහු‍ණේ. එතනින් තමයි අපේ යාළුකම ඇතිවුණේ.

රන්දීර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද..?
ඇත්තටම ගොඩක් නිහතමානි කෙනෙක්. හරිම කරුණාවන්තයි. රන්දීර් මිනිස්සු ගැන හරියට හිතනවා. හදවත ගොඩක් හොඳයි. යාළුවෙක් හැටියට ඕන උදව්වකට රන්දීර් ඉන්නවා. යාළුවන්ට විතරක් නෙවේ.. රන්දීර් අනිත් අයටත් ගොඩක් උදව් කරනවා.

එයාට කේන්ති යනවද..?
නැහැ. එහෙම රන්දීර්ට කේන්ති යන්නෙ නැහැ. මොකක් හරි දෙයක් වුණත් එයා ඒ ගැන ගොඩක් හිතනවා. එහෙම හිතලා බලලා තමයි එයා එයාගේ තීරණය ගන්නෙ. එයා ඉක්මන්වෙන කෙනෙක් නෙමෙයි. එයා කලබලකාරී චරිතයක් නෙමෙයි.

නිර්මාණ කටයුත්තකදී රන්දීර්ගේ තියෙන උනන්දුව කොහොමද..?
එයාගේ ඒ හැමදේකදීම ලොකු උනන්දුවක් තියෙනවා. එයා වැඩක් ප්ලෑන් කරන්න හරි දක්ෂයි. පසුගිය කාලවලදී අපි දෙන්නා රියැලිටි තරගයකටත් සහභාගි වුණානෙ. ඒ වෙලාවෙදීත් රන්දීර් මට කෝල් කර කර දැන් අපි මේ වගේ දෙයක් කළානෙ. ඒ නිසා ඊළඟ පාර අපි වෙනස් එකක් ඩිසයිඩ් කරමු. කිය කියා එයා අලුත් අලුත් දේවල් ප්ලෑන් කරනවා. අපි දෙන්නගේම අදහස් ගොඩක් වෙලාවට ගැලපෙනවා. ඒ නිසා යාළුවෝ දෙන්නෙක් හැටියටත්, අපේ ව්‍යාපාර කටයුතුවලදීත් ඒක ලොකු හයියක් වුණා.

රන්දීර් විලාසිතා කරන්න හරි ආසයිනෙ.. එයාගේ විලාසිතා ගැන ඔයා මොකද හිතන්නෙ..?
එයාගේ විලාසිතා එයාටම ආවේණික ඒවා. ඒ විලාසිතාවල වරදක් මම දකින්නෙ නැහැ. සමහර වෙලාවට මම රන්දීර්ගේ විලාසිතා වෙනස් කරන්න උත්සාහ කරද්දී රන්දීර් නැහැ.. මම මෙහෙම කරන්නෙ කියලා කියනවා. විලාසිතාවලදී එයා කවදාවත් මගෙන් අදහස් ගන්නෙ නැහැ. රන්දීර් කැමති විලාසිතා එයා කරනවා. දැන් එයා අලුත් විලාසිතාවක් කරන්න පටන් අරගෙන තියෙන්නෙ. එයා දැන් වැඩිපුරම අඳින්නෙ සරමයි. ඒකත් රන්දීර්ට හොඳට ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.

එයා වැඩිපුර ආස මොනවටද..?
විලාසිතාවලට අමතරව වෙනත් සංගීතයන් රසවිඳින්න රන්දීර් හරි ආසයි. මීට අවුරුදු දෙකකට උඩදී රන්දීර් වෙජිටේරියන් කෙනෙක්. හැබැයි ඒකට හරිම හේතුවනම් මම දන්නෙ නැහැ. රන්දීර් කතෝලික පවුලක වුණත් අවුරුදු කිහිපයකට උඩදී රන්දීර් බුද්ධාගම හදාරන්න පටන් ගත්තා. ඉතින් කන බොන දේවල් ගත්තොත් එයා ඕන දෙයක් කනවා. හැබැයි රන්දීර්ට sea food කන්නනම් බැහැ. ඒ දේවල් එයාට ඇලජික්.

අශාන්ති.. රන්දීර් එක්ක පිටරට සංචාරය කරද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද..?
මෙහෙමයි ඉතින්.. පිටරට සංචාර බොහොමයකට අපි දෙන්නා සහභාගිවෙලා තියෙනවා. රන්දීර් හරිම විනෝදකාමී කෙනෙක්. ඉතින්.. ඒවායේ සංචාරය කරද්දී හැමදේම අපි හොඳට විඳිනවා. අපි ටුවර් කරන හැම දවසක්ම අපිට සුවිශේෂීයි.

රන්දීර් වගේ යාළුවෙක් ජීවිතේ මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ..?
ගොඩක් සතුටුයි. මම කතෝලික වුණාට බුද්ධාගමේ තියෙන දර්ශනයට ගොඩක් කැමතියි. ඒ නිසා අපේ ජීවිතේදී අපිට එකිනෙකා මුණගැහෙන්නෙ අපේ වාසනාවට. ඉතින් රන්දීර් වගේ යාළුවෙක් ලැබීම මගේ වාසනාවක්. එයා හරිම හොඳ කෙනෙක්. ජීවිතේ මුණගැහුණු හරිම සුවිශේෂී කෙනෙක් හැටියට මම රන්දීර්ව දකිනවා.

රන්දීර්.. අශාන්ති මොනවගේ යාළුවෙක්ද..?
අශාන්ති මට හොඳ යාළුවෙක්. යාළුවෝ වගේ හිටපු අපි දෙන්නා අද ව්‍යාපාරික සම්බන්ධයකුත් පවත්වාගෙන යනවා. ඉතින් යාළුකමටත් වඩා ඒක ප්‍රබලයි. අපි දෙන්නා ඒ වෙනුවෙන් එකට වැඩ කරනවා. ඉතින් මේ දවස්වල අපි ඒ පොඩි වැඩෙත් කරගෙන යනවා.

අශාන්තිට කේන්ති යනවද..?
අශාන්තිට එහෙම නිතරම කේන්ති යන්නෙ නැහැ. හැබැයි කවුරුහරි කෙනෙක්ට වැඩක් බාරදීලා ඒ වැඩේ ඉෂ්ඨ වුණේ නැත්නම් අශාන්තිට කේන්ති යනවා. එයා මුලදී ඉවසනවා. හැබැයි හැමෝටම ඉවසීමේ සීමාව පනින වෙලාවලුත් තියෙනවනෙ. ඉතින්.. ඒ ඉවසීමේ කට්ට පැන්නට පස්සෙ අශාන්තිටත් කේන්ති යනවා.

පිටරට සංචාරය කරද්දී දෙන්නා වැඩිපුරම කැමති මොනවටද..?
අවුරුදු ගාණක් තිස්සෙ අපි දෙන්නා B and S කණ්ඩායමත් එක්ක විදෙස් සංචාර බොහොමයකට සහභාගිවෙලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නෙ මෙහෙමනෙ. දැන් ඔය අපි යන්නෙ ප්‍රසංගවලටනෙ. ඒ නිසා විනෝද වෙන්නම කියලා කාලය වෙන්කිරීම හරිම අඩුයි. ටුවර් එකකට ගිහින් අපි ඒ රටේ නගර කිහිපයකම ප්‍රසංග පවත්වනවා. ඒවායේ එක නගරයකින් තවත් නගරයකට සෑහෙන්න දුරයි. යන්න වෙන්නෙත් බොහෝ වෙලාවට ගුවන් යානයකින්. ඒ නිසා විනෝද වෙන්න කියලා අමතර ලොකු කාලයක් වෙන්වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් කොහෙන් හරි වෙලාව හොයාගෙන ඒ රටවල, ඒ නගරවල ලස්සන තැන් ටිකක් බලන්න වෙලාව පොඩ්ඩක් වෙන්කර ගන්නවා. හැබැයි ඒකත් කරන්නෙ හරිම අමාරැවෙන්.

අශාන්තිගේ හැකියාවන් ගැන ඔබට මොකද හිතෙන්නෙ..?
අශාන්ති කියන්නෙ ඉතා දක්ෂ කලාකාරියක්. මේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ගැහැනු චරිත අතරින් එයා ප්‍රබල චරිතයක්. එයා මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් ගොඩක් කල්. එයා සම්මානනීය ගායිකාවක්. එයා ව්‍යාපාරිකාවක්. කලා පාසලක් කරගෙන යනවා. එයා ගුරැවරියක්. ඒ හැමදෙයක් එක්කම එයා හැකියාවලින් පරිපූර්ණ කලාකාරියක්.

එයාගේ විලාසිතා ගැන රන්දීර්ට මොකද හිතෙන්නෙ..?
අශාන්ති කාලෙන් කාලෙට එයාගේ විලාසිතා ටිකක් වෙනස් කරනවා. මම ලංකාවට ආපු මුල්ම කාලෙදී අශාන්ති හිපෝප් ස්ටයිල් එකට වැඩිපුර නැඹුරුවෙලා හිටියා. තාමත් ඒ හිපෝප් ස්ටයිල් එක ලාවට අශාන්ති ළඟ තියෙනවා. ඒ ස්ටයිල් එක ඇගේ ලේවලම දුවන එකක් වගෙයි. වෙඩින් එකකට ගියත් ප්‍රසංගයකට ගියත් එයාගේ ස්ටයිල් එකේ කොහේ හරි තැනක පොඩි හිපෝප් ගතියක් තියෙනවා. ඒක වෙනස් කරන්න බැහැ.

අශාන්ති වැඩිපුරම ආස මොනවටද..?
එයා කාර්යබහුල වුණාට ඕනෑවටත් වඩා කාර්යබහුල වෙන්න කැමති නැහැ. එයා විනෝද වෙන්න, නිදහසේ ඉන්න කාලය වෙන්කරන්න හරි කැමතියි. එකදිගට වැඩ කරලා ඉවර වුණාට පස්සෙ එයා කොළඹින් පිට ගිහින් හරි, නිදහස් තැනකට ගිහින් හරි, මුහුදු වෙරළ අයිනේ ලස්සන තැනකට ගිහින් හරි ටික වෙලාවක් නිදහසේ ඉන්න ආසයි. මම ඒ පැත්තෙන් පොඩ්ඩක් වෙනස්. මම එක වැඩක් ඉවර වුණු ගමන් තවත් වැඩක් පටන් ගන්නවා. හැබැයි අශාන්ති ටිකක් නිදහසේ ඉන්න කැමතියි.

එයා සංවේදීද..?
ඒක ඒ වැඩත් එක්ක වෙනස් වෙනවා. එයාගේ ළඟින් ඉන්න කෙනෙක්ට මොනව හරි දෙයක් වුණොත් එයා හරියට දුක් වෙනවා. සංවේදී වෙනවා. එයා ඒ ගැන හොයලා බලනවා.

අශාන්ති වගේ යාළුවෙක් මුණගැසීම ගැන මොකද හිතෙන්නෙ..?
මම හිතන්නෙ එයා ගොඩක් හොඳයි. වැඩක් කරද්දී එයා නිසා මට ඒක ලේසි වෙනවා. වැඩක් කරද්දී ඒ වැඩේට දක්වන උනන්දුව අශාන්තිගේ හරි ප්‍රබලයි. එයත් එක්ක වැඩ කරන ටීම් එකකට හරි පුද්ගලයාට හරි ඒක හරියට වටිනවා. ඉතින්.. අශාන්ති කියන්නෙ මට හොඳ යාළුවෙක්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!