Gossip

“එයාට සපත්තු දෙකක් නැහැල්ලු සර්.රුපියල් 26000ක් වෙනවලු සපත්තු දෙකට. 11,000 ක් මදිලු” – දුප්පත්කමේ කඩුල්ල බිද දමා ලක් මවට ආඩම්බරයක් එක්කළ දිරිය දියණිය පාරමී

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා ගැන මේ දැන් රටම කතා වෙනවා.
ඒ ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් ඇය විසින් දිනාගැනීම නිසා.
පාරමී වසන්ති ශ්‍රී ලංකාවට මෙම පදක්කම දිනා දුන්නේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්.
මෙය ශ‍්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනා ගත් පළමු පදක්කමයි.
මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව එවැනි ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් දිනා ගත්තේ වසර 10කට පසුවයි.
පාරමී වසන්ති මාරිස්ටෙලා හලාවත ධීවර පවුලක උපන් පාසල් ක්‍රීඩිකාවක්. ඇගේ මෙම ජයග්‍රනය පිටු පස සැඟවුන දුක්බර කතාවක් තිබෙනවා ඒ පිළිබඳව සමාජ ජාලයට මෙලෙස එක් කර තිබුණා.

සර්, පාරමී කියලා දුවෙක් ඉන්නවා මේ ළග.
මේ සැරේ යොවුන් ඔලිම්පික් එකට ආර්ජන්ටිනා යන්න තේරිලා මීටර් 2000 යි 800යි දුවන්න.ඒත් පොඩි ප්‍රශ්ණයක් සර්,
මොකක්ද?
එයාට සපත්තු දෙකක් නැහැල්ලු සර්.රුපියල් 26000ක් වෙනවලු සපත්තු දෙකට. එකොලොස් දාහක් මදිලු.
අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ අචලා සහ මුතුසිංහ මහත්මීන් කියා සිටියේ මහත් කණගාටුවෙනි.
ඉදිරිපත් වූ කණගාටුදායක කරුණ මගේ අවධානයට ඉදිරිපත් කර පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇය බලා සිටියාය.
දන්න හදුනන කිහිප දෙනෙකුටම ඇමතුම් ගත්තද හරියන පාටක් නැත.
මම අතින් හරි සල්ලි දෙන්නම් කියා අවසන් ඇමතුම ගත්තේ හලාවත වෙළෙඳ සංගමයේ සභාපති ජෑන්ස් මහතාටයි.හරි හරි මම සල්ලි දෙන්නම්.සතුටුදායක පිළිතුරකි.රට යාමට දින දෙකකට පෙර පාරමීගේ මවට මුදල ලබා දී මා එම පුවත ලැබෙන තුරු බලා සිටියෙමි.ඇය පසුපස සිටි දහසක් දෙනා අතර අපද සිටින්නට ඇත.
අද එම පුවත ලැබිණි…

මීටර 2000 කඩුළු මතින් දිවූ පාරමී බිද දමන්නේ දුප්පත්කමේ කඩුල්ලයි. පාරමී වෙනුවෙන් කැපවුණු ඔබ සැමට පිං.
වෙන දෙන්නට දෙයක් නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!